කෙහෙළියගේ මිලියන 97ක වත්කම මාස 3කට අත්හිටුවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ 6 දෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය විසින් අද (05) නියෝග කොට ඇත. මෙම නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් නියෝග කර ඇති බවට වාර්තා වේ. මෙම ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු වල වටිනාකම රුපියල් මිලියන 97කට අධික බව වැඩිදුරටත් සඳහන් ය. එමෙන්ම එම බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු පවත්වාගෙන ගොස් ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමි පුරුෂයාගේ නමිනි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

‘මගෙන් රටට’ සභාපතිට ඇප


පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඇපමත මුදාහැර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් හා වෛරයක් ඇති වන පරිදි අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබිණ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නුවර අවහිර කරමින් අකුරණ මහ ගින්නක්


අකුරණ නගරයේ අවන්හලක් තුළ අද (05) අලුයම ඇති වූ ගින්නක් හේතුවෙන් අසල පිහිටි තවත් වෙළඳසැල් කිහිපයකටද එම ගින්න පැතිරගොස් තිබේ. ඒ හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. මෙතෙක් ගින්න මැඩපැවැත්වීමට නොහැකි වී ඇති අතර අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50ක් පමණ පවතින බවට එහි හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කිරීම අසීරු වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පියුමිගේ පැටිකිරිය කූරියර් ප්‍රධානියාගෙන් හෙළිවෙයි


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාණ්ඩ වර්ග බෙදාහරින ලද කුරියර් සමාගමේ ප්‍රධානියාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමක් අතරතුර දී නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සමාජ මාධ්‍ය විසින් අලෙවි කරන ලද පැහැපත් කරන ආලේප වර්ග 3500ක් පමණක් බෙදා හැර ඇති බව හෙළි කර ඇත.නමුත් පියුමි හංසමාලි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් එකක් රුපියල් 35000 බැඟින් ක්‍රීම් පාර්සල් 25,000ක් පමණ කුරියර් සේවය හරහා අලෙවි කළ බවත් ඒ හරහා රුපියල් කෝටි 87ක් උපයා ගත් බවත් ය. ඒ අනුව මේ වන විට ඇගේ බැංකු ගිණුම් පරීක්ෂාවක් සිදු කරන බවත් ඉන් නනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් බවත් ද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රීලනිප මූලස්ථානයට පොලිස් රැකවල්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. අද (05) උදෑසන කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට එන ලෙස එම පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබූ අතර එහිදී කිසියම් කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමානය කර මෙම තීරණය ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ. ඊයේ (04) දිනෙන් මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම ගැසට් නිවේදනය ඔස්සේ ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වතු කම්කරු වැටුප් පිළිබඳ අතුරු නියෝගයක්

කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ වතු කම්කරු වැටුප් වැඩිකිරීම පිළිබඳ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. ඒ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වර්ජනය අවසන්

රේගු දෙපාර්තමේන්තුව , සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව ක්‍රියාත්මක වූ වර්ජනය වෘත්තීය සමිති සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රේගු නිලධාරීනුත් අසනීප වෙයි

දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා ආදායම් අධිකාරි පනතට විරෝධය පළ කරමින් රේගු නිලධාරීන්ගේ සංගමය අද (04) හා හෙට (05) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිරුණිකාගේ ඇප ඉල්ලීමට විරෝධතාවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැනට බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී බන්ධනාගාර ගතව සිටී. මෙහිදී ඇයව ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී ඇත. මෙලෙස ඉල්ලූ ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලුණු අතර මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කල්ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා මෙහිදී සඳහන් කළේ ය. ඒ අනුව මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් අතර මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසද විනිසුරුවරයා මේ අවස්ථාවේදී නියෝග කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart