ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

විදුලිබල මණ්ඩලය මගින් සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජලපවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම සහ ඒ හා සමගාමීව සිදුකරන ජලපිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේදී (29) ලංකාවේ ප්‍රදේශ කීපයකට පැය 15ක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබේ. එලෙස ජල සැපයීම අත්හිටුවන ප්‍රදේශ ලෙස නම් කර ඇත්තේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වේ. ඒ වගේම අඩු පීඩන තත්ව යටතේ ජලය සැපයෙන ප්‍රදේශ ලෙස මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය ද නම් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පියුමිගේ කුරියර් ආයතනය අධිකරණ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන බෙදාහරින කුරියර් සමාගමේ හිමිකරු රහස් පොලිසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබා දී තිබේ. එසේ ලබා දුන් ප්‍රකාශය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති අතර කුරියර් සමාගමේ හිමිකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් වී ඇත. එබැවින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අවස්ථාවේදී සඳහන් කර සිටියේය.
එමෙන්ම මෙම කුරියර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මඟින් ඉල්ලීමක් කර තිබුණු අතර එම ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එම කුරියර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර තිබිණි. ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබුණේ නිරූපණ ශිල්පිනියක ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව විමසා බැලීමටයී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වැටුන රට ගොඩගැනීමට උපායමාර්ග හොයන්න මහින්ද රාජපක්ෂ චීනයට යයි.

සිව් දින නිල සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) චීනය බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ගමනේ අරමුණ ශ්‍රී ලංකාව ගොඩගැනීමට උපාය මාර්ගයක් සකස් කිරීම වන අතර චීන විදේශ අමාත්‍යවරයා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව මෙම සංචාරය සිදුවන බව ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව සංචාරය තුළදී මහින්ද රාජපක්ෂ මහතා චීන අග්‍රාමාත්‍යවරයා, විදේශ ඇමතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායම ජුලි 01 වනදා යළි මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මගෙන් රටට සංවිධානයේ සභාපති අත්තඩංගුවට

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(28) අත්අඩංගුවට ගනු ලැබු බවට වාර්තා වේ,
සංජය මහවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරුද්ධව පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව වැඩිදුරටත් සදහන් වේ,

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකාට බරපතල වැඩ සහිත සිර දඬුවම්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළ අතර කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජාත්‍යන්තරයෙන් නැවතත් ණය ලබාගන්න පුලුවන් – ප්‍රසන්න රණතුංග

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ අප රට ආර්ථික අර්බුධය අවසන්කර බංකොලොත් බවින් මිඳුණු බවට තහවුරු වූ බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ උඩුගම්පළ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි ප්‍රකාශ කර ඇත.
ඒ වගේම එම මහතා ප්‍රකාශ කර ඇත්තේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමි පාර්ශව එකඟකරවා ගැනීමට හැකියාව ලැබීම අප රට ලැබූ විශාලතම ජයග්‍රහණයක් බවයි.
වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බවත් මෙතෙක් අතරමඟ නතරව තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මෙන්ම අලුතින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නත් අවස්ථාව ලැබෙන බවත්‍ ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කෙහෙළියගේ පෙත්සම ජූලි පළමු වෙනිදාට කල් යයි


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වන දින කැඳවන ලෙසට අභියාචනාධිකරණය නිමය කර තිබේ. එම පෙත්සම අද (27) සලකා බැලීම සිදුකළ අතර එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

යුක්තියේ මෙහෙයුම අලුත් විදිහකට එයි

ප්‍රගති සමාලෝචනය කිරීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ යුක්තියේ මෙහෙයුම ලබන පළමු වැනිදා සිට නව ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන බවයි. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සියලු නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම පළාත් 07ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතය, බෙදාහැරීම සහ ජාවාරම් කිරීම යම්තාක් ප්‍රමාණයක අඩුවක් දක්නට ඇති බව සඳහන් කරයි. කෙසේ නමුත් බස්නාහිර සහ දකුණු පළාත් වල තවදුරටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් වාර්තා වන බව පවසා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රට පුරා ග්‍රාම නිළධාරීන් වර්ජනයක

ලංකාව පුරා සියලුම ග්‍රාම නිලධාරීන් තම සියලු රාජකාරි වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. ඒ බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසීය. ඔහු මෙහිදී පවසා ඇත්තේ ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ තම ගමන් වියදම් දීමනාව ,ඉන්ධන දීමනාව ,නිල ඇදුම් දීමනාව ,සන්නිවේදන දීමනාව වැඩිකරන ලෙස ඉල්ලමින් බවයි . මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට (28) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ගංවතුර ගැන වාර්තාවක්

දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ ජනාධිපති මාධ්‍ය අංශය සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මාණ්ඩලික ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර ඇතිවීමට හේතු කරුණු සොයා බලමින් ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි සති දෙකක් තුළ සැකසූ මූලික වාර්තාවක් ලබා දෙන ලෙසයි.
සති දෙකක් තුළ සැකසූ මූලික වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දෙන ලෙසට දැනුම් දුන් අතර ඊයේ (26) මෙම දැනුම්දීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණ බව ද සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart