කෙහෙළියගේ පෙත්සම ජූලි පළමු වෙනිදාට කල් යයි


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වන දින කැඳවන ලෙසට අභියාචනාධිකරණය නිමය කර තිබේ. එම පෙත්සම අද (27) සලකා බැලීම සිදුකළ අතර එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

යුක්තියේ මෙහෙයුම අලුත් විදිහකට එයි

ප්‍රගති සමාලෝචනය කිරීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ යුක්තියේ මෙහෙයුම ලබන පළමු වැනිදා සිට නව ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන බවයි. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සියලු නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම පළාත් 07ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතය, බෙදාහැරීම සහ ජාවාරම් කිරීම යම්තාක් ප්‍රමාණයක අඩුවක් දක්නට ඇති බව සඳහන් කරයි. කෙසේ නමුත් බස්නාහිර සහ දකුණු පළාත් වල තවදුරටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් වාර්තා වන බව පවසා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රට පුරා ග්‍රාම නිළධාරීන් වර්ජනයක

ලංකාව පුරා සියලුම ග්‍රාම නිලධාරීන් තම සියලු රාජකාරි වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. ඒ බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසීය. ඔහු මෙහිදී පවසා ඇත්තේ ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ තම ගමන් වියදම් දීමනාව ,ඉන්ධන දීමනාව ,නිල ඇදුම් දීමනාව ,සන්නිවේදන දීමනාව වැඩිකරන ලෙස ඉල්ලමින් බවයි . මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට (28) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ගංවතුර ගැන වාර්තාවක්

දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ ජනාධිපති මාධ්‍ය අංශය සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මාණ්ඩලික ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර ඇතිවීමට හේතු කරුණු සොයා බලමින් ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි සති දෙකක් තුළ සැකසූ මූලික වාර්තාවක් ලබා දෙන ලෙසයි.
සති දෙකක් තුළ සැකසූ මූලික වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දෙන ලෙසට දැනුම් දුන් අතර ඊයේ (26) මෙම දැනුම්දීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණ බව ද සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් එකඟතාවකට පැමිණෙයි

ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹ ඇත.
මෙම ගිවිසුම මගින් ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ සැලකිය යුතු ණය සහනයක් හිමිවන බව වාර්තා වේ.
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය මහජන සේවාවන් සඳහා අරමුදල් වෙන් කිරීමට සහ එහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ද ඉඩ ඇති බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් කරයි


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කර සිටියේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බවයි. ඒ අනුව එහිදී තෙල් පිරිපහදුවට අවශ්‍ය ආයෝජනය සොයාගැනීම, ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට හැකි බව ද එමෙන්ම ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යූහය සමාලෝචනය කර විවිධ කාර්යන් සහ සේවාවන් සඳහා ඩිජිටල් වේදිකා හඳුන්වාදීමට ද නියමිත බව අමාත්‍යවරයා තවදුරටත් පවසා තිබේ.මෙහිදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන කාලය සහ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තෙල් පිරිපහදුව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ද එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලංකාවේ කඩොලාන ව්‍යාපෘති දෙකට පොදු රඳ මඬුලු සහය

2023 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය Blue Charter Project incubator ආයතනය විසින් කඩොලාන සංරක්ෂණය වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් ලබා දීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රට වලින් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා 2 ක් එම ආයතනය විසින් තෝරාගෙන තිබේ.මෙහිදී ශ්‍රී ලංකාවේ කඩොලානයන්හි මූලික කාබන් නියැදිය ගණනය කිරීමේ ව්‍යාපෘතිය සහ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේදී මුල් සංක්‍රමණිකයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සහ සැටලයිට් හා ඩ්‍රෝන තාක්ෂණය ආධාරයෙන් කඩොලාන සහ මුහුදු තෘණ අතරමැදි කලාපය සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රදානයන් ලබා දීමට එම ආතනය විසින් තීරණය කර තිබේ. මෙලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතනයකින් ලබා දෙන මුල්‍ය ප්‍රදානයන් මඟින් කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඩයනාගේ පෙත්සමට දින නියම වේ

හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට එරෙහිව අපහාස කළේ යැයි සඳහන් කරමින් කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා අධිකරණය මේ වනවිට දින ලබාදී ඇති බවත් එම දිනය ලෙස අගෝස්තු මස 5 වැනිදා සුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවත් වාර්තා වේ .මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වී ඇය පැවසූ දෙයක් සහ එහිදී අධිකරණයට අපහාස කළා යැයි පවසමින් මෙම පෙත්සම ගොණු කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රට පුරා ගුරු විදුහල්පති වැඩ වර්ජනයක්

අද දිනයේ (26) රට පුරා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් විරෝධතාව‍යක් පවත්වමින් සිටී. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු – විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවයි. මෙම හේතුවෙන් අද සිසුන්ට පාසල් නොපැමිණෙන ලෙස ගුරුවරුන් ඊයේ දිනයේදී දැනුම්දී තිබිණි. දෙවන පාසල් වාරය ආරම්භයත් සමග මෙලෙස ගුරු – විදුහල්පතිවරු වර්ජනය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු අඬාල වී තිබේ. එමෙන්ම රජයේ විධායක නිලධාරීන්ගේ සංගමයේ නියෝජතයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වන බව එම සංගමයේ සභාපති එච්.ඒ.එල් උදයසිරි මහතා පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

BMICH එක අසල තිබී මළ සිරුරක් සොයාගෙන

කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව (BMICH) අසල තිබී මළ සිරුරක් සොයාගෙන ඇත.
විමර්ශන වලට අනුව එම මිය ගිය පුද්ගලයා (39) මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළි වී ඇත.
මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු කර ඇති අතර කුරුඳුවත්ත පොලිසිය ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart