මොනවද මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ?

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වන විට ශ්‍රී ලංකාව තුළ පුළුල් කතාබහක් සහ අවධානයක් දිනාගෙන තිබේ. ප්‍රතිසංස්කරණ යනු අපට අලුත් දෙයක් නොවේ; මහින්දාගමනයේ සිටම සෑම ක්ෂේත්‍රයකම විවිධ ප්‍රතිසංස්කරණ සිදුවී ඇත. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, පෘතුගීසි, ලන්දේසි, සහ ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේදී පවා විවිධාකාර ප්‍රතිසංස්කරණයන් වරින්වර සිදුවී ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, එම ප්‍රතිසංස්කරණයන් මෙරට ජනතාවගේ හෝ රටේ සංවර්ධනයට වඩා ආගම ප්‍රචාරය කේන්ද්‍ර කරගෙන සිදුවූ බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුවූ වැදගත්ම ප්‍රතිසංස්කරණය ලෙස සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිදුකළ නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හැඳින්විය හැකිය. එමගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැවැන්ත පිබිදීමක් ඇති වූ අතර, දරුවන් මිලියන ගණනකට අධ්‍යාපන අවස්ථා උදා විය. ඉන් අනතුරුව, විවිධ රජයන් යටතේ පත් වූ අධ්‍යාපන අමාත්‍යවරුන් විසින් විවිධ ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට උත්සාහ කළද, ඒවා යම් මට්ටමකට සාර්ථක වුවද, ඇතැම් අවස්ථාවල සමාජ බලපෑම් හමුවේ ඒවා හකුළා ගැනීමට සිදුවීම ද සිදු විය. මෙතෙක් සිදුවූ බොහෝ ප්‍රතිසංස්කරණ හුදෙක් පාසල් විෂය මාලාව වෙනස් කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කළ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් අංශ කෙරෙහි අවධානයක් නොවීම නිසි ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් විය.


 

නව ප්‍රතිසංස්කරණයේ දැක්ම සහ අරමුණු

 

නව රජය බලයට පත්වීමෙන් පසු, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයන් එකම අමාත්‍යාංශයක් ලෙස නම් කර, එහි වගකීම වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත පවරා දෙන ලදී. 2026 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, සමාජයට වැඩදායී මෙන්ම රටේ ආර්ථිකයට දායක වන ගුණගරුක දරුවකු පාසලෙන් බිහි කිරීම ඉලක්ක කරගත් ප්‍රායෝගික ක්‍රියාවලියක් බව අධ්‍යාපන විද්වතුන් පවා පිළිගනී.

මෙම ප්‍රතිසංස්කරණය හුදු විෂය මාලා සංශෝධනයකට එහා ගිය සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේම පරිවර්තනයක් ඉලක්ක කර සිදු වන්නකි. ප්‍රධාන කරුණු පහක් තුළින් සමස්ත අධ්‍යාපන පද්ධතියම ආවරණය වන පරිදි මෙය කේන්ද්‍රගත වී ඇත:

  1. විෂය මාලා සංශෝධනය: නූතන සමාජයට සහ වැඩ ලෝකයට ගැළපෙන පරිදි විෂය මාලා සංශෝධනය කිරීම.
  2. මානව සම්පත් සංවර්ධනය: නව විෂය මාලාවට සහ තාක්ෂණික ලෝකයට ගැළපෙන පරිදි මානව සම්පත සංවර්ධනය කිරීම.
  3. යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිපාලන ප්‍රතිසංස්කරණ: නව විෂය මාලාව පාසල් තුළ ක්‍රියාත්මක කළ හැකි පරිදි සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක්, වඩා යහපත් සහ ආකර්ෂණීය පාසල් පද්ධතියක් ලබාදීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ඒ සමගාමීව කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සඳහා අධ්‍යාපන පරිපාලන අංශය ප්‍රතිසංස්කරණය කිරීම.
  4. ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය: දරුවන්ට සහ දෙමාපියන්ට මානසික පීඩාවක්ව පවතින විභාග කේන්ද්‍රගත ක්‍රමවේදය වෙනුවට, නවීන අධ්‍යාපන උපායමාර්ග අනුව එක් එක් දරුවන් වෙත වෙන වෙනම අවධානය යොමු කරන ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලියක් හඳුන්වා දීම.
  5. ජනතා දැනුවත් කිරීම: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ එමගින් දරුවන්ට ලබා දෙන ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳව දෙමාපියන් ඇතුළු සියලු අංශ තුළ කතිකාවක් නිර්මාණය කිරීම සහ ප්‍රචාරණයන් සිදු කිරීම.

මෙතෙක් අඩු අවධානයක් යොමුව පැවැති පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ජීවිත කාලය පුරා ඉගෙනීමට අවශ්‍ය පදනම පූර්ව ළමා වියේදීම නිර්මාණය කිරීම මෙයට ඇතුළත් වේ.


 

පාසල් අධ්‍යාපනයේ නව ව්‍යුහය

නව ප්‍රතිසංස්කරණය යටතේ පාසල් අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් අංශ හතරක් ඔස්සේ ක්‍රියාත්මක වේ.

  • ප්‍රාථමික අංශය (1-5 ශ්‍රේණි): මෙහිදී දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධනය සඳහා අවශ්‍ය මූලික ජීවන කුසලතා සංවර්ධනය කිරීම සිදු කෙරේ. ගුණාත්මක අධ්‍යාපනය රටේ සියලු දරුවන්ට හිමි වීමෙන් තරගකාරී ශිෂ්‍යත්ව විභාගය පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වී යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අදියර වසර 1-2, 3-4, සහ 5 ලෙස අදියර තුනක් යටතේ සැලසුම් කර ඇත. මව් භාෂාව නිවැරදිව භාවිතය, ඉංග්‍රීසි සහ දෙවන භාෂාවක් ප්‍රායෝගිකව පුහුණු කිරීම, ගණිතමය හැකියාව වර්ධනය කිරීම, ආගම සහ සමාජ වටිනාකම් අවබෝධ කරදීම, නවීන විද්‍යාව පිළිබඳ ප්‍රාථමික අවබෝධය ලබාදීම, සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් සහ දරුවාට මානසිකව නිදහස් අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම මෙහිදී සිදු කෙරේ.
  • කනිෂ්ඨ ද්විතීයික අංශය (6-9 ශ්‍රේණි): මෙම කාලය තුළ දරුවාගේ අනාගත ජීවිතය ඉලක්ක කර ගනිමින් දරුවන් ඒ සඳහා හුරු කරවීම සිදු කෙරේ. මූලික විෂය නිර්දේශය ඉගෙනීමට මෙහිදී අවස්ථාව හිමි වන අතර, ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම වෙනුවෙන් විෂයක් ද ඇතුළත් වී තිබේ. ක්‍රීඩා සමාජ සහ සංගම්වල සහභාගිත්වය සහ ඇගයීම් පාදක ක්‍රමවේදයක් ලෙස විෂයන් හැදෑරීමට අවස්ථාව ලැබේ. මූලික විෂයන් සඳහා ක්‍රෙඩිට් 30 ක් ද, අමතරව තෝරා ගත යුතු විෂයන් තුළින් ක්‍රෙඩිට් 03 ක් ද, වෘත්තීය ජීවිතය සඳහා වැදගත් වන විෂයන් අතරින් ක්‍රෙඩිට් දෙකක් ද ලෙස දරුවකු ක්‍රෙඩිට් 35 ක් හිමි කරගත යුතුය. 9 වන වසරේදී නිපුණතා පාදක විශේෂ ඇගයීමක් සිදු කෙරෙන අතර, එමගින් දරුවන්ගේ කුසලතා මට්ටම් සහ අනාගත වෘත්තීය නිපුණතා හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ.
  • ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය (10-11 ශ්‍රේණි): නිපුණතා පාදක ඇගයීම සහ දරුවන්ගේ රුචිකත්වය මත 10 සහ 11 ශ්‍රේණි සඳහා විෂයන් තෝරා ගැනීමට දරුවන්ට අවස්ථාව ලබාදී ඇත. අනිවාර්ය විෂයන් සහ තෝරාගත් විෂයන් සමඟ හැදෑරිය යුතු සම්පූර්ණ විෂයන් ගණන 07 කි. නිපුණතා පාදක ඇගයීම මත ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ අවම වශයෙන් විෂය ධාරා තුනක් ආවරණය වන පරිදි විෂයන් තෝරා ගත හැකිය. එම විෂය ධාරාවන් වන්නේ:
    1. STEM විෂය ධාරාව
    2. මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂය ධාරාව
    3. කළමනාකරණය සහ ව්‍යවසායකත්ව විෂය ධාරාව
    4. වෘත්තීය නිපුණතා විෂය ධාරාව මෙහිදී ප්‍රධාන විෂය ධාරාව යටතේ විෂයන් 04 ක් සහ සෙසු විෂය ධාරාවන්ගෙන් විෂයන් 03 ක් ලෙස විෂයන් 07 ක් තෝරා ගත හැකිය. ඉතිහාසය, සෞන්දර්යය විෂයන් සහ වෘත්තීය විෂයක් සෑම දරුවෙක්ම හැදෑරිය යුතු පරිදි විෂයන් තෝරා ගැනීම අනිවාර්ය කර තිබේ. තරගකාරී විභාග ක්‍රමය වෙනුවට GPA ක්‍රමවේදය හරහා ඇගයීම හා තක්සේරු කිරීම සිදු කිරීම ද මෙම ක්‍රමයේ විශේෂත්වයකි. අනාගතයේ තමන් යොමුවීමට අපේක්ෂිත වෘත්තිය අනුව ක්ෂේත්‍රගත අධ්‍යයනයක් සිදු කර, අත්දැකීමෙන් අනාගත වෘත්තිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද දරුවන්ට අවස්ථාවක් හිමි වේ.
  • පාසල් අධ්‍යාපනයෙන් පසු: පාසල් අධ්‍යාපනය අවසන් කරන සියලු සිසුන්ට NVQ-4 ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය හිමි වන අතර, පාසල් අධ්‍යාපනයෙන් පසු පහසුවෙන් රැකියාවකට යොමු වීමට මෙය මහඟු අවස්ථාවකි. එමෙන්ම සියලු දරුවන්ට උපාධිය හැදෑරීමට ද හැකියාව ලැබේ. අවශ්‍ය නම් රැකියාවක නිරත වන අතරම උපාධිය හැදෑරීමට හැකි වීමද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ තවත් විශේෂත්වයකි.

 

ඉදිරි අභියෝග සහ සාර්ථකත්වය

 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් දරුවන්ට නිසි ප්‍රතිලාභ ලබාදීම මේ රටේ අධ්‍යාපනයට සම්බන්ධ පිරිසගේ පමණක් නොව, අප සැමගේ යුතුකමක් සහ වගකීමකි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු අංශ මනා සබඳතාවයකින් කටයුතු කළ යුතුය. පළාත් මට්ටමින්, කලාප මට්ටමින් සහ කොට්ඨාස මට්ටමින් ද අවශ්‍ය සහය සහ කැපවීම මනාව සිදුවිය යුතුය.

නව ප්‍රතිසංස්කරණය යථාර්ථයක් වන්නට නම්, දරුවන්ට සමීපව කටයුතු කරන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ ඉහළ දායකත්වය අතිශයින් වැදගත් වේ. අපගේ අධ්‍යාපනය කාලෝචිත ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ජාතික අවශ්‍යතාවකි. එහිදී ජාති, ආගම්, දේශපාලන භේද ඉවත දමමින් අනාගත තරුණ පරපුර ගැන සිතා කටයුතු කිරීමට සියලු දෙනා වග බලා ගත යුතුය. 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තවත් එක් ප්‍රතිසංස්කරණයක් නොවන්නට නම්, රටේ සියලු දෙනාගේ සහය, ආශීර්වාදය සහ කැපවීම අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා දිය යුතු බව යළිත් සිහිපත් කළ යුතුය.

තල්පේ අරියජෝති ධූරයෙන් නෙරපයි

නවසීලන්ත ජාතික කාන්තාවක් මුල් කරගනිමින් ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් දක්ෂිණ ලංකාවේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය හෙබවූ තල්පේ අරියජෝති හිමියන් එම ධුරයෙන් ඉවත් කිරීමට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව තීරණය කොට තිබේ.

මල්වතු පාර්ශවයේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ මින් ඉදිරියට තල්පේ අරියජෝති ස්ථවිර පාදයන් වහන්සේ දක්ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය සම්බන්ධ වගකීම් නොදරන බවයි.

24 වෙනිදා පාර්ලිමේන්තුවේ විදුලිය කැපේ

ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන 24 වන දින විවාදයට නොගෙන ඉදිරි දිනකදී විවාදයට ගැනීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය විය.

ඒ වෙනුවට ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් එදින පැවැත්විමටත් මෙහිදි තිරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටී.

ඊනියා නිර්ධන පන්ති ආණ්ඩුවට එරෙහිව නිර්ධන පන්තිය පාරට බසී.

යෝජිත විදුලි පනත හකුලා ගන්නා ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කොට තිබේ.

මේ සඳහා ඉදිරියේදී තවත් ආයතන රැසක් එක්වීමට නියමිත බවද අප වෙත වාර්තා වේ.
 

ඊයේ (ජූලි 21) කොළඹදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ අද දින (ජූලි 22) වෘත්තීය සමිති 28ක නියෝජිතයන් ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව  ය.

ලංවිමය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී කථානායකවරයාට දැනුම් දුන්නේය. මේ අනුව, රජය සැලසුම් කර ඇත්තේ කාරක සභා අවස්ථාවේදී අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමටය.

විදුලිබල සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අනිද්දා (ජූලි 24) පැවැත්වීමට නියමිතය.

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කැපේ

වත්මන් රජයේ පොහෝසත් රටක් ලස්සන ජීවිතයක් යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි හිටපු ජනපතිවරුන්ට හා ඔවුන්ගේ පවුල්වලට ලබා දෙනු ලබන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකිවන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිර‍ිම සඳහාවූ පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපතිගේ නිශ්කාශනයද ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍ර යේ පළ කිරිම සඳහාත් ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරන හා ජජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

අනුර වෙනුවෙන් ජර්මනියෙන් ආයෝජකයින් 05ක්

මෙරට බලශක්ති, සැපයුම්, නිෂ්පාදන, සංචාරක සහ ඩිජිටල් පරිවර්තනය වැනි අංශයන්හි ආයෝජන සිදු කිරීමට ජර්මානු ආයෝජකයින් 05 දෙනෙකු මෙරටට පැමිණීමට අවධානය යොමු කොට ඇතැයි ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පසුගිය ජර්මනි සංචාරය අතරතුර බර්ලිනයේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩල සංගමයේ (ඪෛHඛ්) ව්‍යාපාරික සංසදය හමුවී මෙරට ආයෝජනයේ ඇති අවස්ථා හා ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත් කොට ඇති අතර ඉන්පසුව ආයෝජක දැනුවත් කිරීම් තවදුරටත් ඉදිරියට ගෙනයාම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය උපායමාර්ගික පසු විපරම් ආයෝජක හමුවීම් මාලාවක් පවත්වනු ලැබිණි.

 

සිංගප්පූරුවෙන් AI ආනයනයට සැරසේ

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට දායක වීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක AI Singapore සමඟ අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ ඩිජිටල් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටය.

එමඟින්, දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණදීමට හැකි වන පරිදි කෘත්‍රීම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ පර්යේෂණ ඇරඹුම් සිදුකිරීම, කෘත්‍රීම බුද්ධිමය වැඩසටහන් පැවැත්වීම හා අන්‍යෝන්‍ය සහයෝගය ඇති කර ගැනීම අරමුණු කර තිබේ.

දේශබන්දු වැරදිකරු කථානායක කියයි

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව එල්ල වූ සියලු චෝදනා වලට වැරදි කරු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ කමිටුව තීරණය කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

යෝජනාව විවාදය කර සම්මත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද ඔහු පැවසීය.

නව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන !

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත.

ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(23) බදාදා රැස්වීමට නියමිතය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නේද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතායි.

ලංවිම සමිති 28ක් එකසැරේ ලෙඩ වෙයි

විදුලි බල මණ්ඩල සේවකයින්ගේ වරප්‍රසාද ආරක්ෂාවන අයුරින් සාමුහික ගිවිසුමක් ඉල්ලා ලංවිම වෘත්තීය සමිති 28ක විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තාකර ඇත.

විදුලි බල මණ්ඩල ( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ පාර්ලිමේන්තු විවාදය අනිද්දා(24) පැවැත්විමට නියමිතයි.

Add to cart