සජිත් හා නාමල් අතර හමුවක් ?


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර පසු ගිය දිනක හමුවක් පවත්වා ඇති බවට මාධ්‍ය තුල වාර්තා වේ. මොවුන් දෙදෙනා කොළඹදී රහසේ හමුවූ බවත් සජිත් ජනාධිපති ධුරයට පත්කිරීම වෙනුවෙන් එහිදී නාමල් රාජපක්ෂ එකඟතාව පළකර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වී ඇත.

එලෙස හමුවූයේ නම් ඒ කුමක් සඳහාද යන්න පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මාධ්‍ය හමුවේදී මෙසේ ප්‍රකාශ කර ඇත. “සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කරන බවට පළ වූ පුවත් අපි දැනටමත් සමාජ මාධ්‍යවල දැක තිබෙනවා. සජිත් ප්‍රේමදාස මේ වාර්තාවේ ඇත්ත නැත්ත හෙළිකළ යුතුයි.”

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්මික – නිල නිවේදනය එළඹෙන 07 වනදා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමට නියමිත අතර එය ලබන 07 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට වාර්තා වී තිබේ.
ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුව සිටින සිවු දෙනකු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඉන් වැඩි පිරිසක් කැමැත්ත පළකර ඇත්තේ ධම්මික පෙරේරා මහතා වෙතයි.
ඊට අදාල සංවිධාන කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතින අතර ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ, පක්ෂය තුල ඇතිවූ තත්වයන් නිසාවෙන් බවයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඇප මුදල් තැන්පත් කල අපේක්ෂකයින් 10 දක්වා ඉහළට

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු දැනට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කොට ඇත. මෙලෙස ඇප මුදල් තැන්පත් කරන ලද අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අපේක්ෂකයින් සිටින බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහින්ද සහ රනිල් නැවතත් සාකච්ඡාවක


හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී ඊයේ රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවේ. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවත් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා ප්‍රකාශයට පත් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වැටුණු රට වසර දෙකක් තුළ ගොඩගැනීම ආශ්චර්යයක් – අමාත්‍ය දිලුම් අමුණුගම

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් වන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළ පරිදි මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැත. එමෙන්ම දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ තෝරා පත්කර ගැනීම නිවැරදි බව ද මේ වන විට තහවුරු වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යාවරයා, එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බවද මේ අවස්ථාවේදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රාජපක්ෂත් ඇප තැන්පත් කරයි.


රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇප තැන්පත් කර තිබෙන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අතේ සහයත් රනිල්ට ද?


එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් තමන් වෙත ලබදෙන ලෙස ඉල්ලමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.ඒ අනූව අද පස්වරුවේ ශ්‍රී ලංකා පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් අමතමින් එහි මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් එම ලිපිය කිය වූ බව ද ආඅරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තවත් ප්‍රබලයෙක් ඇප තැන්පත් කරයි


2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිට පැමිණිල්ලක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබෙන බවට වාර්තා වේ. ඒ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙනි. ඒ අනුව මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ඊයේ (30) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකට අදාළවයි. එමෙන්ම රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදුව ඇති බවද මෙම පැමිණිල්ල මගින් කියා සිටි බව වාර්තා වේ. මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ අභිනව නිවහල් පෙරමුණේ සභාපතිවරයා විසින් බවද අනාවරණය වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ 105 ක් රනිල්ට

මන්ත්‍රීවරුන් එකසිය පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකි.

ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතුරුන් හැත්තෑ පස්දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත් වූ බවද ඔහු වැඩි දුරටත් කියා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart