පොහොට්ටුවේ 105 ක් රනිල්ට

මන්ත්‍රීවරුන් එකසිය පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකි.

ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතුරුන් හැත්තෑ පස්දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත් වූ බවද ඔහු වැඩි දුරටත් කියා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අගමැතිගෙන් විශේෂ අනාවරණයක්


අපේ රට අද වෙනකොට යළිත් ලෝකය සමඟ ගනුදෙනු කරන්න පුළුවන් රටක් බවට පත් වී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනු ලැබීය. එමෙන්ම එදින කැස්බෑව ආසනයේ, පැලැන්වත්ත බටහිර හා මහායායවත්ත ප්‍රජාශාලා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත වෙන් කෙරෙන විමධ්‍යගත අරමුදලින් නවීකරණය කොට භාරදීම සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ හැම දෙයක්ම රජයේ දෙපාර්තමේන්තුවලට පමණක් කළ නොහැකි බවත් යම්කිසි වැඩ කොටසක් මහජනයා හවුල් වී රජයේ නිලධාරීන් සමඟ සිදු කළ යුතු බවත්ය. එමෙන්ම ලංකාවේ හැම ගමකම එවැනි ප්‍රජා කටයුතු මහජනයාගේ සතුට වගේම ජීවිතවල දියුණුවට පරිවර්තනය කළ හැකි බවත් අපේ රට ඉදිරියට ගෙනයාම සඳහා එවැනි සහෝදරත්වයක් අවශ්‍ය බවත් ගම් මට්ටමේ සිට ඉහල දක්වා ඒ සහෝදරත්වය ඇතිවුණොත් රටට විශාල ශක්තියක් ඇති බවත් එක්සත්කමින් රටේ දියුණුව ඇති කිරීම සඳහා මිනිසුන් වැඩ කල යුතු බවත් වැඩිදුරටත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහුගේ කතාව තුළින් විශේෂයෙන්ම අනාවරණය වූයේ පසුගිය වසර වල අපේ රටේ ඇතැම් දිස්ත්‍රික්කවල කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ අතිරික්තයක් අප ඇති කර ගත යුතු බවත් ගොවියෝ ඊට සමත් වී ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කොට ඇත. ඒ වගේම එමගින් අපිට මුහුණ දෙන්න සිදුවූ අමාරු අභියෝග රැසක් හරහා ගමන් කරන්න පුළුවන්කම ඇති වූ බවත් විශේෂයෙන්ම ohu කරුණු සඳහන් කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හරීද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව හදිසි විසුරුවා හැරීමකට කටයුතු කරනු ඇතැයි ඉහල දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපතිවරයා අතර ඇතිවී තිබෙන විරසකය මත මෙම පියවර ගනු ඇති බවත් ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීම අවසන් වීමට පෙරාතුව දෙපාර්ශවයන් අතර ඇතිවී එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
නමුත් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කිසිදු බාධාවක් නොවන බවයි.
මැතිවරණ දෙකම එකවර සංවිධානය කිරීමට හැකියාව ඇති බවත් ඡන්ද ප්‍රකාශ කිරීම් දෙකම එක් දිනයක පැවැත්වීමට හැකියාවක් නොමැති බවද කොමිසම කියා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සජිත්ගෙ වැඩ තහනම්


විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් දීප ව්‍යාප්තව සමඟි ජන බලවේගය විසින් සිදු කරනු ලැබූ ප්‍රජා සත්කාර වැඩසටහන් අත්හිටවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා 29 වැනිදා පවසා ඇති බව වාර්තා වේ . ඒ අනුව මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැලීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් මැතිවරණ නීතිය සැමට සමානව විහිදිය යුතු බව සහ එවැනි කටයුතු නතර කළ යුතු බව එම පක්ෂයේ ලේකම් රංජිත් මධ්‍යම බණ්ඩාර මහතා පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වත්මන් ජනපතිට සහය වීමට පොහොට්ටුවේ තවත් අය ඉදිරියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා තමන් රට බේරාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉදිරියේ දීත් සහායෝගය ලබාදෙන බව එතුමාගේ එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නිළ ඇදුමින් සමුළුවට ගෙන්නුවාට මාළිමාවට පැමිණිල්ලක්


ඊයේ (28) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික සමස්ත ලංකා හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානය පවසා ඇත.‍‍‍
ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳව දැනුම්දෙමින් ලිපියක් යොමු කර ඇති අතර මහජන බදු මුදල් වැය කර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදාගැනීම ආයතන සංග්‍රහය අනුව හා මැතිවරණ නීතිය අනුව වැරදි ක්‍රියාවක් බව එම සංවිධානය පෙන්වා දී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නාමල්ගේ අනවසර රැස්වීමකට බන්දුලගෙන් පැමිණිල්ලක්


හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව සංවිධානය කර ඇති බවට
අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවට වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මහතා විසින් පක්ෂ විනය කඩකර ඇති බව එම පැමිණිල්ලේ දක්වා ඇති අතර එවැනි කරුණු සදහා පොලීසියට ක්‍රියාත්මක විය නොහැකි බව මෙහිදී පොලිසිය විසින් දැනුම් දී ඇත.
හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවත් එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බව හා පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකට ඔහු පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නුවන් බෝපගේ

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ, කොළඹ මහජන පුස්තකාලයේදී අද (29) දින ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ නම් කළ බවයි ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර ප්‍රකාශ කර ඇත්තේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විජයදාස ඉල්ලා අස්වෙයි


අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව විජයදාස රාජපක්ෂ පවසා ඇත.
ඒ ඔහු ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමට කටයුතු කරන නිසා බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුව රනිල්ටද ධම්මිකටද ?. තීරණය අද හවස හතරට.


පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (29) පැවැත්වීමට නියමිතව ඇත.ඉදිරි ජනාධිපතිරණයේදී අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීම සදහා මෙම සාකච්ඡාව පවත්වන අතර මෙම සාකච්ඡාව පස්වරු 4.00ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පවත්වන බව වාර්තා වේ.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවත් තවත් පිරිසක් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවත් ඒ ව්‍යාපාරික ධම්මික පෙරේරා බවත් මත පළ කොට ඇත.ඒ හේතුවෙන් පක්ෂය දෙකඩ වෙනවාද නැතිනම් එක් තීරණයකට පැමිණ එකට ගමන් කරනවාද යන්න යන නිගමනයට අද එළඹීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart