මුස්ලිම් කොංග්‍රසයත් සජිත් ට

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබලවේගය සමග දැනටමත් කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නොමැති බවත් උත්තර මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බවත් ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහින්දගෙන් සහය පතන රනිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින බව පවසමින් ඒ සඳහා තමන්ට සහය ලබා දෙන බවට පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. එම පෙරමුණේ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ දැනුම් දී ඇති අතර එය අද පස්වරුවේ පැවැත්වෙන පෙදුජන පෙරමුණේ විධායක මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිත බව සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ සහය රනිල්ට දෙන ලෙස සාගල-සුසිල් මහින්දගෙන් ඉල්ලයි

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ඔහුගේ විජේරාම නිල නිවසේදී හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහාය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර සුසිල් ප්‍රේම්ජයන්ත හා සාගල රත්නායක,ජනාධිපතිවරයාට සහය ලබා දෙන ලෙස දැඩි ලෙස ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.
තවද, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් දැනුම් දෙයි

මැ.කොගෙන් පණිවිඩයක්

අපේක්ශකයින්ගෙන් සහ ආධාරකරුවන්ගෙන් මැතිවරණයට අදාළ නීති රීති ක්‍රියාත්මක කිරීමට නිදහස් හා සාධාරණ චන්ද වීමසීමක් පැවැත්වීම සඳහා කොමිසම විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පවසා ඇත.ඒ අනූව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මැතිවරණ නීතිරීතිවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කිරීමට සූදානම්ව සිටින බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඇප මුදල් තැන්පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

අද සිට ලබන මස 14 වන දා දක්වා උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා සෙනසුරාදා සහ ඉරිදා දින හැර ඇප මුදල් තැන්පත් කළ හැකි බව සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාම යෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 50,000 ක මුදලක් තැන්පත් කළ යුතු බව සහ අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 75,000ක් තැන්පත් කළ යුතු බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වත්මන් ජනපතිත් ජනාධිපතිවරණ සටනට

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඇප තැන්පත් කරයි..

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් ජාතික මැතිවරණ කොමිසමෙන් අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විජයදාස ජනාධිපතිවරණයට

තමා 2024 ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart