සුභ ආරංචිය පුස්සක්

පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවක් අතරතුර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සුභ ආරංචිය නමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල සම්බන්ධයෙන් විවාදයකට මේ මොහොතේ සමඟි ජන බලවේගය සූදානම් නැති බව පවසා ඇත. එමෙන් ම මේවනතෙක් තමන් වෙත අදාළ ගිවිසුම ලැබී නැති බව ද එය කැබිනට් අනුමැතියට යොමු කර නැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.මේ වනතෙක් ජනතාවට සහන ලබාදී නැතිනම් තවත් කතා කළ යුතු දෙයක් නැති බවත් සුභ ආරංචිය පුස්සක් බවත් ඒ මහතා තවදුරටත් මෙම සාකච්ඡාවේදී පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා ගැන විවාදය ජූලි මස දෙවනදා

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 යන දිනවලදී පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත අතර එයට අදාළ ඡන්ද විමසීම ජූලි 3 වන දින සවස පැවැත්වෙන බව වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. එම නිසාවෙන් එයට සහභාගී වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට නිවේදනය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

අපිත් ණය ගන්නවා රට ගොඩනඟන සැලැස්මට -නලින්ද ජයතිස්ස


ණය ගැනීම , බදු දීම ,ජාතික සම්පත් විකිණීම වැනි දෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රටේ ආර්ථික අර්බුදය පිළිබඳ ඇති ගැටළු සඳහා පවතින උත්තර බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් පවසා ඇත. එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඔවුන්ගේ ආණ්ඩුවද ණය ගන්නා බවත් ඒ රට ගොඩ නඟන සැලැස්මට අනුකූලව දීපාර්ශවීය හා බහු පාර්ශවීය ලෙස බවත් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ෆොන්සේකාව සජබෙන් ඉවත් කරයි ?

සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මා‍ර්ෂල් සරත් ෆොන්සේකා මහතාව පක්ෂයෙන් ඉවත්කිරීමට කටයුතු කරන ලෙස එම පක්ෂයේ නායකත්වයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලීම් කර තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශයක් කරමින් සමගි ජනබලවේගයේ නායකත්වය විවේචනයට ලක් කර තිබෙන අතර ඒ හෙතුවෙන් ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට පූර්ණ බලය පවතින බවද ඔවුන් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් පක්ෂයේ සමහර නායකයන් ප්‍රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඔහු පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් එසේ යෑමට ඉඩ දිය යුතු බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ ප්‍රබලයන්ට වෙනත් පක්යෂකින් දීමනා

ආණ්ඩුවේ ප්‍රබලයකු මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකුට වෙනත් පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මසකට ලක්ෂ දෙක බැගින් දීමනාවක් ලබාදීමට සූදානම් බව සඳහන් වේ.
ආණ්ඩුවේ කටයුතු සඳහා සහය ලබා ගැනීමට මෙසේ සිදුකරන බවද එලෙස දීමනා ලබන පිරිසේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ද සිටින බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අභියෝග තේරුම් අරන් ප්‍රායෝගික විසදුම් ලබා දුන් කතාව ඇත්තක්ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (26) පවසා සිටියේ මේ අවස්ථාවේදී රටේ ජනතාව තීරණය කළයුත්තේ රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ තමන් සමඟ එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එසේ නැතිනම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද යන්න බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීම රටට ආදරය කරන සියලු දෙනාට සුබ ආරංචියක් බවද එතුමා පැවසීය.
ණය ගෙවීමට වසර දෙකක සහන කාලයක් ලැබීම හා රටේ තව තවත් ණය බර වැඩි වීම මෙන්ම තවමත් ණය ගෙවීමට පටන් නෙ‍ාගැනීම යන හේතු කාරනා නිසාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන අයුරින් රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ඇත්ද යන්න දේශපාලන විචාරකයන් විසින් ප්‍රශ්න කරයි.
එමෙන්ම දිනෙන් දින අළුත් වන බදු පනත් මගින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන අතර ඉදිරියට කුමන ආකාරයේ බදු බරක් ජනතාවගේ කරපිටට වැටෙයිද සිතා ගත නොහැති බවත් ජනතාව බදු බරින් ඕනෑවටත් වඩා දැනටමත් පීඩා විිදින බවත් පවසමින් ආරංචිය සුභ නොවන බවට දේශපාලන විචාරකයන් විසින් විවිධ මත පළ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජාතිය ඇමතීම අද

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තාවේ. මෙය රාත්‍රී 8ට විදත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට සූදානම් බවත් රටේ ආර්ථිකය පිළිබඳ රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වීමට සූදානම් බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.ඒ අනුව මෙම ප්‍රකාශයන් සමඟ ජනතාවට ඉදිරියේදී සහන රැසක් හිමිවනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මාලිමාව සමලිංගික සබඳතා අනුමත කරයි


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සමලිංගික සබඳතා වරදක් නොවන ලෙස දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ඉදිරිපත් කිරීමට තම පක්‍ෂය එකඟ බව සඳහන් කර ඇති බවට වාර්තා වේ. දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සාකච්ඡාවකදී මෙලෙස ප්‍රකාශ කර අති බව සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් ගෙන විත් තිබෙන අදාළ යෝජනාවට තම පක්ෂය සහයෝගය පළ කරන බවද ඇය ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැති ඇමති රැසක් සමඟින් වැල්ලවායේ ජන රැලියක්

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව පෙරදැරි කොටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය නගර මධ්‍යයේදී ජුනි මස 29 දින පස්වරු 2.00 ට ජනරැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට වාර්තා වේ.
මෙය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කරනු ලබයි වාර්තා වන්නේ.
මෙම ජන රැළියට මහින්ද අමරවීර, , ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා, , දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
ThenewsLk WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

මම ඩීල් දේශපාලනේ යෙදුනේ නම් ජනාධිපති වෙලා නමට ඉදිරියෙන් ‘ශ්‍රීමත් කියා දාන්න තිබුණා

තමන් ඩීල් දේශපාලනයේ යෙදුනේ නම් ජනාධිපති වී නමට ඉදිරියෙන් ‘ශ්‍රීමත්’ ලෙස දාගැනීමට ද තිබුණු බව විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පොකුණුවිට ප්‍රදේශයේ සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමින් ප්‍රකාශ කොට ඇත. ඒ වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට ජනාධිපති ධුරය බාරගන්න යැයි පැවසූ බවද නමුත් රට විනාශ කළ පුද්ගලයන් හා හොරු සමඟ ආණ්ඩු කරන්නට තමන් සූදානම් නැති බවද ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ මොහොතේ තමන් දන්වා යැවූ බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම තමන් ඕනෑම තනතුරක් බාරගන්නේ ජනතාවගෙන් ලද ජනවරමකින් බවද ඔහු සඳහන් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart