විධායක ජනපති ධූරය අහෝසි – හරිනි අමරසූරිය

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවත් එහිදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කටයුතු කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. තවද මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවන මහජන නියෝජිතයින් මහජන මුදල් අවභාවිතයක්, පක්ෂ මාරු කිරීම ආදී කටයුතුවලදී එම මන්ත්‍රීවරයාට ජනතාව විසින් ලබා දුන් ඡන්දය ආපසු කැඳවීමේ බලයක් ද එම ව්‍යවස්ථාවෙන් ලබා දෙන බව ඇය පවසා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මම ජනාධිපති වුණාම අපට විරුද්ධව තියෙන නඩු ඔක්කොම නිශ්ප්‍රභා කරනවා

මම ජනාධිපති වුණාම අපට විරුද්ධව තියෙන නඩු ඔක්කොම නිශ්ප්‍රභා කරනවා
එළැඹෙන ජනාධිපතිවරණය ජයගෙන තමන් ජනාධිපති බවට පත්වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කර ඇති බව ලංකා C News වාර්තා කරයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බවද මේ අවස්ථාවේදී මෙම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙන බවද සඳහන් වේ . එහිදී තමන් ජනාධ්පති වූ පසුව තමන්ට විරුද්ධව පැන නැඟුණු නඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිෂ්ප්‍රභ කරන බවත් එවිට පක්ෂ නායකත්වය ගැන ගැටලු ඇති නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටු මංත්‍රීවරු රනිල් – මහින්ද අන්දලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හා තම පක්ෂ නායකත්යට යන දෙපාර්ශ්වයටම එකිනෙකාට හොරෙන් සහය පළකිරීමට පොරොන්දු වී ඇත බව වාර්තා වේ.
මෙසේ දෙපාර්ශ්වයටම සහාය දෙන බවට පවසා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැති ඇමැතිවරු ගණන 43ක් වන අතර එහි ඇමැතිවරු 3 දෙනෙක්, රාජ්‍ය ඇමැතිවරු 13ක් සහ මන්ත්‍රීවරු 27ක් සිටින බවට වාර්තා වේ.
මෙම පිරිස, පාර්ශ්ව දෙකටම සහාය දෙන බවට පොරොන්දු වී ඇති බව හෙළි වීමෙන් නායකයන් දෙපළගේම දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සතාසිවම්ට ඇමති ධූරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළඳ හා පරිසර අමාත්‍ය ධූරයේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

රාජපක්ෂ පොදුජන පෙරමුණින් ඉවතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමට සිදුකළ යෝජනාව හෙට දිනයේ පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.ඒ අනුව ඔහුට එල්ල වන චෝදනාව ලෙස දක්වා ඇත්තේ තම පක්ෂයේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයත් ලබා ගැනීම සහ පක්ෂයේ ව්‍යවස්ථාව කඩ කිරීමයි. මෙම අනුමැතියෙන් පසු අමාත්‍යවරයා සම්බන්ධයෙන් පියවර ගැනීමට විනය කමිටු වෙත බලය පැවරීම සඳහා නියමිතව ඇති බවත් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

අදත් 69 ලක්ෂය පොහොට්ටුවේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අදටත් 69 ලක්ෂයක ජනතාව සිටින බව හා හැට නම ලක්ෂයක ජන පදනම තම සාක්කුවේ දාගැනීමට කිසිවකු සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බවද රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි,
සියලුම දේශපාලන පක්ෂ හා නායකයන් අද වන විට හැට නම ලක්ෂයක ජනතාවට පොරකන අතර ඡන්ද පදනමින් යම් ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව නිහතමානීව පිළිගන්නා නමුත් බහුතර ප්‍රමාණය තවදුරටත් පක්ෂය සමඟ සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම පොදු ජන පෙරමුණේ කිසිවකු කොතැනක හෝ කඳවුරකට බැඳී නැති බවද හෙතෙම තවදුරටත් පැවසුවේය

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

මහින්ද ගෙදර යයි

ශ්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් නුදුරේදීම සිය දේශපාලන ජීවිතයෙන් සමු ගැනීමට ඉඩකඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිසා එම මහතා ඉදිරි මැතිවරණයට තරඟ නොකරන බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත. කෙසේ වුවද ඔහු ඉදිරි මැතිවරණයකදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් තවදුරටත් කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කර ඇත. ඒ අනුව දැනට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයාව ඉඳිරිපත් වීමට නියමිතව සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා බවද සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

NPP රජයේ කැබිනෙට්ටුව විසි පහකට සීමා වෙයි

ජාතික ජනබලවේගයේ රජයක් යටතේදී කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් විසි පස්දෙනෙකුට සීමා කරන බව බණ්ඩාරගම ප්‍රදේශයේ පවත්වන ලද ව්‍යාපාරික හමුවක් අමතමින් එම පක්ෂයේ ජාතික විධායක සභික හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබේ. එම අමාත්‍යාංශ 25 විද්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ කළමනාකරණය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

නීතිපතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේප වේ

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව විසින් නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවාව තවදුරටත් දිගුවන යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සේවා දිගුව යෝජනා කර තිබුණු නමුත් ව්‍යාවස්ථා සභාව පසුගිය දා රැස් වී තිබිණි. එහිදී ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නොහැකි වීම නිසා අද රැස්වූ සභාවේදී ජනාධිපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණි. මේ අනුව නීතිපති සංජය රාජරත්නම් මහතා ලබන 26 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතව ඇති පසුබිමක මෙම සේවා දිගුව යෝජනා වී ඇති බවට වාර්තා වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

69 ලක්ෂයේ පළමු රැලිය

“69 ලක්ෂයේ බලාපොරොත්තු යළි බල ගන්වන්නට” යන තේමාව යටතේ සර්වජන බලය දේශපාලන සන්ධානයේ පළමු ජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ දී පැවත්වීමට නියමිතව ඇති බවට වාර්තා වෙනවා, අද පස්වරු දෙකට මෙය පැවත්වීමට නියමිත වේ.

Add to cart