නැවත වතාවක් මෛත්‍රීට හරස් වූ සභාපති ධූරය

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකරන ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කරනු ලැබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ දිසාධිකරණය නියම කර ඇත.
මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මහතා අධිකරණය හමුවේ පවසා ඇත්තේ තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති නිසා මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

වෙනත් කිසිදු පක්ෂයකට නැති ජනතා ප්‍රසාදයක් තියෙන්නේ පොහොට්ටුවට – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

මේ වන විට පොහොට්ටුව පිළිබඳ ජනතාවට විශාල බලාපොරොත්තුවක් ඇති බවත් පක්ෂය කැඩී වෙන් වුවද පක්ෂය දුර්වල නොවී වෙනදාටත් වඩා මෙවර මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එමෙන්ම පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා පිළිබඳ නියමිත වේලාවේදී දැනුම් දෙන බව හා වෙනත් කිසිදු පක්ෂයකට නැති ජනතා ප්‍රසාදයක් තම පක්ෂයට ඇති බවද එතුමා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බැවින් එවැනි මෝඩකමක් එජාපය විසින් සිදු කරන්නේ නම් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බව ඊයේ (11) බදුල්ලේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

රටේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වෙන්නෙ ඉදිරි ඡන්දයෙන්

ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික අධීක්ෂණ කමිටුවේ තරුණ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය පෞද්ගලික ජයග්‍රහණ හෝ පරාජයට වඩා රටේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන බවයි

එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk..

සතුටු දැයක් වැඩපිළිවෙල ජයග්‍රහණය කරවනවා

ඔස්ට්‍රේලියාවේ මෙල්බර් නුවරදී ව්‍යාපාරික හමුවක් අමතමින් මව්බිම ජනතා පක්ෂයේ නායක සහ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි පිරිසක් සමඟ සන්ධානගත වූයේ සතුටු දැයක් වැඩපිලිවෙල ජයග්‍රහණය කරවීම උදෙසා බව පවසා ඇත. සන්ධානගත වූ පුද්ගලයන්ට විවිධ චෝදනා ඇති නමුත් කළමණාකරණය කර ගත හැකි පුද්ගලයන් බවත් ඔවුන්ට එල්ලවන චෝදනාවලින් සමස්තයක් ලෙස අඩු වගකීමක් පැවරෙන බවත් ඔහු මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

නීතිපති මත විමසීමෙන් රනිල්ට තවත් අවුරුද්දක්.?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ජනාධිපති ධුර කාලය හා පාර්ලිමේන්තු ධුර කාලය දීර්ඝ කිරීමට රජය උත්සාහ දරන බව dailymirro පුවත් පත වාර්ත කර ඇත.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ 19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය වසර හයක සිට පහ දක්වා අඩු කළේ ජනමත විචාරණයකින් හෝ ජනතා අනුමතයකින් තොරව නිසා, ජනාධිපති දුර කාලය තුනෙන් දෙකක බහුතරයකින් පමණක් දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට කටයුතු කරනු ඇති බවද වාර්තා කර ඇත.
ඔවුන් පවසන්නේ ඒ අනුව වසර හයකින් ඔබ්බට ධුර කාලය දීර්ඝ කිරීමටද ජන මත විචාරණයක් පැවැත්විය යුතු වුවත් දැනට පවතින අවුරුදු පහක සීමාව වසර හයක් දක්වා ගෙන යාමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවනු ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම පිළිබඳ තීන්දුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇත. නමුත් මේ සම්බන්ධව ජනාධිපතිවරයාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බව කථානායකවරයා සඳහන් කොට ඇත. මෙම ලිපියට පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙකු අත්සන් තබා ඇති අතර මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බව සඳහන් වේ. මේ අනුව මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර ලබාදීම හෝ නොදීම රජය තීරණය කරනු ලබන්නේ ඉදිරි සතියේදී බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජනතාවගේ විශ්වාසය දිනාගෙන 13 ගේනවා

යාපනයේ පැවති සක්වල වැඩසටහන අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජයගත් පසු පළාත් සභා මැතිවරණය මේ වසර අග පැවැත්වීමට කටයුතු කරන බවයි බවයි.
13 ව්‍යවස්ථා සංශෝධනය ද ක්‍රියාත්මක කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ජනතාවගේ විශ්වාසය දිනා ගෙන එම සංශෝධනය යටතේ ඇති පළාත් සභා ද අනිවාර්ය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

චම්පික කූඹීයෝ ගේමක ! 2015 අලුතින් ලියන්න යයි !!

ඉකුත් අඟහරුවාදා දිනයේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සහ පොහොට්ටුවේ ප්‍රබලයින් අතර හමුවක් සිදුවූ බව Lanka C News වාර්තා කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ද සහාය ලබාදීමට චම්පික රණවක මහතා සූදානමින් සිටින බව එම වෙබ් අඩවිය සඳහන් කර ඇත.
ඒ අනුව පොහොට්ටුවේ ප්‍රබලයින් සමඟ පෙර කී හමුව සිදුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව කටයුතු කිරීමේදී ඇතිවන ප්‍රතිවිරෝධතා සමනය කර ගැනීම අරමුණු කරගෙන බවද සඳහන්ය.
සෘජුවම රනිල් වික්‍රමසිංහ සමග සම්බන්ධ නොවී නිමල් ලන්සා ඇතුළු පිරිසක් විසින් ගොඩනගා ඇති නව සන්ධානය සමග එක්වෙමින් පාඨලි චම්පික, රනිල් වික්‍රමසිංහ වටා ගොඩ නැගෙන පිලට එකතු වෙනු ඇති බවද තවදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

රෝහිතට ගිය පොහොට්ටුවේ බලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර බවට වාර්තා වේ, පොදුජන පෙරමුණේ විධායක සභාව හිටපු ජනාධිපති පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ විජේරාම පාරේ පිහිටි නිල නිවසේදී කැඳවූ අතර එම අවස්තාවේදී මේම පත් කිරිම සිදු කර බවට වැඩිදුර වාර්තා වේ,
එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

අනුරට බය වූ සජිත්

සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර සිදු කිරීමට බලාපොරොත්තු වූ විවාදය සඳහා සහභාගී නොවන බව සමඟි ජන බලවේගය සඳහන් කර ඇති බව වාර්තාවේ.

මුලින් ආර්ථික කමිටු විවාදයත් පසුව නායකත්ව විවාදයක් පැවැත්වීමට තම පක්ෂය ජාතික ජන බලවේගයට ආරාධනා කළ බව එම පක්ෂයේ විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා ඇත.

නමුත් ආර්ථික කමිටු විවාදය සම්පූර්ණයෙන්ම මගහැර දෙපාර්ශවය විසින් කිසිම එකඟතාවකින් තොරව විවාදය සඳහා සහභාගිවීමට තීරණය කර ඇති බව දැනුම් දෙමින් ස්වාධීන රූපවාහිනි ආයතනය වෙත මන්ත්‍රීවරයා විසින් ලිපියක්ද යොමුකර ඇති බව වාර්තාවේ.

එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

Add to cart