විපක්ෂයේ මන්ත්‍රීවරු තුන්දෙනෙකු තායිලන්තයට

අද අළුයම තායිලන්තය බලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ යුක්‍රේන යුද්ධයට මැදිවී සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගනිමින් ඔවුන් ලංකාවට රැගෙන ඒම සඳහා එම රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මුණ ගැසීමට මෙන් ම තෙවන පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත්තේ.

එරටට ගොස් මන්ත්‍රී පිරිස වන්නේ නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, ජේ.සී අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා මහතා ඇතුළු කණ්ඩායම බව ද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

හිටපු ජනපති මෛත්‍රීපාල පාර්ශවය වෙනත් ස්ථානයක් සොයා යයි.


පවතින දේශපාලන අර්බුදය හා අධිකරණ තීන්දු හේතුවෙන් වෙනත් ස්ථානයක සිට පක්ෂයේ දේශපාලන කටයුතු සිදුකරගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නොව කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් ඒ සඳහා යොදා ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
ස්ථිර ස්ථානයක සිය දේශපාලන කටයුතු හා ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් කැඳවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව ඔවුන් සදහන් කරන අතර නව දේශපාලන මධ්‍යස්ථානයක් ආරම්භ කරමින් දිවයින පුරා සිටින දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජනාධිපතිවරණය නියමිත දවසට පැවැත්වේ.

මෙම වසරේ නියමිත කාලසීමාව වන විට ජනාධිපතිවරණය පවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. ඒ අද (22) පැවති කැබිනට් රැස්වීමේදීය. ඒ අනුව මෙයට මුදල් වෙන්කර ඇති බව ජනාධිපතිවරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

මැතිසභයේ අලුත් අනංගයා

කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇති බවට පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ උපදෙස් ආරම්භ වී ඇති බව වාර්තා වේ,

මේම නිලධාරියා සේවක සේවිකාවන්ට උසස්වීම් පිරිනැමීමේදීත් අදාල අංශයට අලුතින් සේවිකාවන් බඳවා ගැනීමේදීත් ලිංගික අල්ලස් ඉල්ලා දිගින් දිගටම බලපෑම් කරන බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරඹා ඇත.
ඇතැම් සේවිකාවන් මේ සම්බන්ධයෙන් ලිඛිතවම කරුණු ඉදිරිපත් කර ඇති බවද වැඩිදුරටත් ආරංචි මාර්ග සදහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

Add to cart