ආසියානු U20 සෙවන්ස් රග්බි අනුශූරතාවය ශ්‍රී ලංකාවට!

ඉන්දියාවේ බිහාර් හි පැවති ආසියානු U20 සෙවන්-ඒ-සයිඩ් රග්බි ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තරඟාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා පෙන්නුම් කළ අතර, කණ්ඩායම් අදියරේදී හොංකොං, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් පරාජය කිරීමට ඔවුන් සමත් විය. එයින් ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසි අතර, එහිදී ඔවුන් චීනය අභිබවා අවසන් තරඟයට සුදුසුකම් ලබා ගත්හ.

ශක්තිමත් ආරම්භයක් තිබියදීත්, ශ්‍රී ලංකාව හොංකොං සමඟ පැවති අවසන් තරඟයේදී අසාර්ථක වූ අතර, ඉතා තරඟකාරී තරඟාවලියකින් අනතුරුව දෙවන ස්ථානය දිනා ගැනීමට ඔවුන්ට සිදු විය.

ප්‍රධාන පුහුණුකරු ෂම්ලි නවාස් කණ්ඩායමේ ජයග්‍රහණය අගය කරමින්, “මෙතරම් පරිමාණයේ තරඟාවලියකට සහභාගී නොවී වසර පහකට පසු, අනුශූරතා ශූරතාව දිනා ගැනීම විශාල ඉදිරි පියවරක්. මෙය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතය සඳහා පොරොන්දු වූ ආරම්භයක් සනිටුහන් කරයි” යනුවෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම ODI කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණියේ හතරවන ස්ථානයට ඉහළ ගොස් ඇත. ඔවුන් හිමිකරගත් ශ්‍රේණි ලකුණු සංඛ්‍යාව ලකුණු 103 කි. විශේෂයෙන්ම, ඔවුන් ශ්‍රේණියේ හතරවන ස්ථානයට පසුව ඇත්තේ පාකිස්ථාන කණ්ඩායම පසු කරමින් ය. මේ වන විට පාකිස්ථාන කණ්ඩායම පස්වන ස්ථානයයේ සිටින අතර ඔවුන්ගේ ශ්‍රේණි ලකුණු සංඛ්‍යාව 102කි.

AIX රේසින් සමඟ යෙවාන් ඩේවිඩ් ගිවිසුමක

2026 Formula 3 තරග සඳහා AIX රේසිං කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ගිවිසුම්ගත වී තිබේ.

එළැඹෙන තරග වර්ෂයේදී ෆෝර්මියුලා ත්‍රී තරග අංශය සඳහා එම කණ්ඩායම සමග ගිවිසුම්ගත වූ පළමු ධාවකයා වන්නේ ඔහුයි.

ඒ අනුව ෆෝර්මියුලා ත්‍රී කාණ්ඩයෙන් තරග කරන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස යෙවාන් ඩේවිඩ් වාර්තා අතරට එක් වනු ඇත.

18 වියැති යෙවාන් වේඩිඩ් AIX රේසිං කණ්ඩායම සමග යුරෝ ෆෝර්මියුලා තරග සඳහා මීට පෙර සම්බන්ධ වී සිටියේ ය.

ඔහු මෙම වාරයේ මේ දක්වා තරග හතරක් ජයගෙන අනෙක් තරගවලදීද ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ.

පාකිස්තාන පිතිකරුවෙක් අත්අඩංගුවට

පාකිස්තාන යොවුන් පිතිකරු හයිඩර් අලි එංගලන්තයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

මේ බව තහවුරු කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, එංගලන්තයේ අපරාධ පරීක්ෂණයකට අදාළව ඔහුව මැන්චෙස්ටර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

විස්සයි විස්ස අද කොළඹ දී

මෙම ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි – විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී අද (07) ආරම්භ වේ. තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිම්බාබ්වේ සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අරමුණින් සංවිධාන කරන මෙම තරගාවලිය ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ගේ පමණක් නොව, නැගී එන ක්‍රීඩකයින්ගේ දක්ෂතා ද ක්‍රීඩා ලෝලීන්ට සජීවීව දැක බලා ගැනීමට අවස්ථාව උදා කර ඇත.
පස්වරු 1.30ට ආරම්භ වන මුලික තරගය නිල් කණ්ඩායම සහ කොළ කණ්ඩායම අතර පැවැත්වෙන අතර, එය කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. තරගය නැරඹීමට ක්‍රීඩා ලෝලීන් සඳහා එදින පස්වරු 12.30 සිට අවස්ථාව විවර වී තිබේ.

තරගාවලියේ මුලික වටය ලීග් ක්‍රමය මත පදනම්ව පැවැත්වෙන අතර, සෑම කණ්ඩායමක්ම තරග 4ක් වටා ක්‍රීඩා කරනු ඇත. ඒ තුළින් වැඩිම ප්‍රසාද ලකුණු රැස් කරන කණ්ඩායම් දෙකක් අගෝස්තු 16 වනදා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබන බව ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරයි.

ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සුරංග විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දැවැන්ත නාමයක් වූ සුරංග විජේනායක හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී ඇත. මොහු මිය යන විට 48 වන වියේ පසු විය. මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බස්නාහිර උතුරු පළාත් පුහුණුකරුවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ මොහු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ 90 දශකයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු විය. ජාතික මට්ටමේ කණ්ඩායම් රැසක් නියෝජනය කළ මොහු වමත් දඟ පන්දු යවන්නෙකු හා ප්‍රවේගකාරී පිතිකරුවකු ද විය.
මොහුගේ දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් ගෞරව දැක්වීම සඳහා මොරටුව වේල්ස් කුමර විදුහලේ අද (6) දේහය තැන්පත් කර ඇත. මොහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී හෙට (7) පස්වරුවේ දී සිදු කිරීමට නියමිතය.

අලහකෝන් ඔලිම්පික් විධායක කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වෙයි!

 

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජිකයකු වූ රුවන් සම්පත් අලහකෝන් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඊයේ (05) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා වෙත භාර දී තිබේ. ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ඔලිම්පික් කමිටුවේ තනතුරක් දැරීම සම්බන්ධයෙන් ඇති වූ නෛතික ගැටලුවක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතට අනුව, ක්‍රීඩා සංගමයක වෘත්තීය පුහුණුකරුවකුට හෝ ක්‍රීඩකයකුගේ නියෝජිතයකුට එම සංගමයක තනතුරක් දැරිය නොහැක. රුවන් අලහකෝන්, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ලේකම් ලෙස පත්වීමෙන් අනතුරුව, ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයකු බවට පත්විය. කෙසේ වෙතත්, ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ටයිකොන්ඩෝ ප්‍රධාන පුහුණුකරුවකු ලෙස වැටුප් ලබන බවට සාක්ෂි සොයා ගැනීමත් සමඟ, ඔහුගේ තනතුරේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රශ්න මතු විය.

මීට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ දූෂණ චෝදනා විමර්ශනයට ලක්කිරීමට ආචාරධර්ම කමිටුව නිර්දේශ කළ අවස්ථාවේදී, එම විමර්ශනය යටපත් කිරීමට කටයුතු කළ සාමාජිකයන් අට දෙනා අතර රුවන් අලහකෝන් ද සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත්, මැක්ස්වෙල් ද සිල්වාට පනවන ලද තහනමෙන් පසු අලහකෝන් හට එම රැකවරණය අහිමි විය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, අලහකෝන්ගෙන් ඔහුගේ පුහුණුකරු තත්ත්වය පිළිබඳව විමසූ විට, ඔහු තමන් වැටුප් නොලබන උපදේශකයකු පමණක් බව ප්‍රකාශ කර තිබේ. නමුත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් කරන ලද ලිඛිත විමසීමකදී, ඔහු වැටුප් ලබන පුහුණුකරුවකු බව තහවුරු විය. ඒ අනුව, ඔලිම්පික් කමිටුව ඔහුට එරෙහිව දඬුවම් දීමට පෙර නිදහසට කරුණු විමසීමට සූදානම්ව සිටියදී, අලහකෝන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

111 වන ජාතික ටෙනිස් ශූරතාවලිය අගෝස්තු 08 සිට

ශ්‍රී ලංකාවේ 111 වන ජාතික ටෙනිස් ශූරතාවලිය අගෝස්තු 08 වන දා කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ දී ආරම්භ වීමට නියමිත ය. වාර්තාගත ලෙස ක්‍රීඩකයන් 1200ක් වයස් කාණ්ඩ 22ක් යටතේ තරග වදින අතර පිරිමි, කාන්තා, යුගල සහ මිශ්‍ර යුගල ඉසව් මෙයට අයත් ය. මෙවර තරගාවලිය සදහා රෝද පුටු ටෙනිස් අංශයක් ද එක් වීම මෙහි විශේෂත්වය වන අතර සියලු වයස් කාණ්ඩ සඳහා ජාත්‍යන්තර ශ්‍රේණිගත ක්‍රමය භාවිත කෙරේ. තරගාවලිය අගෝස්තු 18 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

තෙන්ඩුල්කාර් – ඇන්ඩර්සන් ටෙස්ට් ක්‍රිකට් අවසන් තරගයෙන් ඉන්දියාවට විශිෂ්ට ජයක්

ලන්ඩනයේ කෙනින්ටන් ඕවල්හි පැවති තෙන්ඩුල්කාර් – ඇන්ඩර්සන් ටෙස්ට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ලකුණු 6ක තීව්‍ර ජයක් හිමි කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. ඒ ඉන්දීය කණ්ඩායමේ ප්‍රෂිද් ක්‍රිෂ්ණාගේ සහ මොහොමඩ් සිරාජ්ගේ විශිෂ්ට නදු යැවීමත්, යසස්වි ජයිස්වාල්ගේ විශ්ෂ්‍ට පිතිකරණය හමුවේය. ලකුණු 396ක දැවැන්ත ඉනිමක් තැනූ ඉන්දීය කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී මොහොමඩ් සිරාජ් සහ ප්‍රෂිද් ක්‍රිෂ්ණාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 367 කි. එම ලකුණු ලබා ගැනීමත් සමග තරගාවලිය 2-2ක් ලෙස සමව නිමා විය. තරගයේ වීරයා මොහොමඩ් සිරාජ් වූ අතර තරගාවලියේ වීරයා හැරී බෲක් පත් විය.

යොනෙක්ස් ශූරිය රනිත්මා අද පැමිණේ

අවුරුදු 19 න් පහළ එංගලන්ත කණිෂ්ඨ බැඩිමින්ටන් ශූරතා තරගාවලියේ යොනෙක්ස් කාණ්ඩය යටතේ සමස්ත ශූරතාවය දිනාගත් රනිත්මා ලියනගේ අද දිවයිනට පැමිණීමට නියමිතය.

රනිත්මා මේ තරගාවලියේ 64 දෙනාගේ වටයේ සිට අවසාන තරගයේදී එංගලන්තයේ අහානා භාතියා පරාජය කිරීම දක්වා වූ තරග පහේදීම දැක් වූයේ පරිනත ක්‍රීඩා විලාශයක්ය.භාතියා පරාජය කිරීමේ ලකුණු සටහන දැක් වුණේ 21 – 11 සහ 21 – 7 ක් ලෙස ය.ඇය අවසාන පූර්ව තරගය නිමා කළේ අයර්ලන්තයේ මිචෙලි ශොච්හාන් ලකුණු 21 – 15 සහ 21 – 10 ක් ලෙස පරාජය කරමින්ය.ඇය අර්ධ අවසන් පූර්ව තරගයෙන් එතෙර වූයේ එංගලන්තයේ රජීවි ප්‍රභා ලකුණු 21 – 7 සහ 21 – 12 ලෙස පරාජයට පත් කරමින්ය.

ඇය හෙට දිනයේදී නයිවලදී ඇරඹෙන ජාත්‍යන්තර කණිෂ්ඨ තරගාවලියටද සහභාගීවීමට නියමිතය.

Add to cart