තෙන්ඩුල්කාර් – ඇන්ඩර්සන් ටෙස්ට් ක්‍රිකට් අවසන් තරගයෙන් ඉන්දියාවට විශිෂ්ට ජයක්

ලන්ඩනයේ කෙනින්ටන් ඕවල්හි පැවති තෙන්ඩුල්කාර් – ඇන්ඩර්සන් ටෙස්ට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ලකුණු 6ක තීව්‍ර ජයක් හිමි කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. ඒ ඉන්දීය කණ්ඩායමේ ප්‍රෂිද් ක්‍රිෂ්ණාගේ සහ මොහොමඩ් සිරාජ්ගේ විශිෂ්ට නදු යැවීමත්, යසස්වි ජයිස්වාල්ගේ විශ්ෂ්‍ට පිතිකරණය හමුවේය. ලකුණු 396ක දැවැන්ත ඉනිමක් තැනූ ඉන්දීය කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී මොහොමඩ් සිරාජ් සහ ප්‍රෂිද් ක්‍රිෂ්ණාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 367 කි. එම ලකුණු ලබා ගැනීමත් සමග තරගාවලිය 2-2ක් ලෙස සමව නිමා විය. තරගයේ වීරයා මොහොමඩ් සිරාජ් වූ අතර තරගාවලියේ වීරයා හැරී බෲක් පත් විය.

යොනෙක්ස් ශූරිය රනිත්මා අද පැමිණේ

අවුරුදු 19 න් පහළ එංගලන්ත කණිෂ්ඨ බැඩිමින්ටන් ශූරතා තරගාවලියේ යොනෙක්ස් කාණ්ඩය යටතේ සමස්ත ශූරතාවය දිනාගත් රනිත්මා ලියනගේ අද දිවයිනට පැමිණීමට නියමිතය.

රනිත්මා මේ තරගාවලියේ 64 දෙනාගේ වටයේ සිට අවසාන තරගයේදී එංගලන්තයේ අහානා භාතියා පරාජය කිරීම දක්වා වූ තරග පහේදීම දැක් වූයේ පරිනත ක්‍රීඩා විලාශයක්ය.භාතියා පරාජය කිරීමේ ලකුණු සටහන දැක් වුණේ 21 – 11 සහ 21 – 7 ක් ලෙස ය.ඇය අවසාන පූර්ව තරගය නිමා කළේ අයර්ලන්තයේ මිචෙලි ශොච්හාන් ලකුණු 21 – 15 සහ 21 – 10 ක් ලෙස පරාජය කරමින්ය.ඇය අර්ධ අවසන් පූර්ව තරගයෙන් එතෙර වූයේ එංගලන්තයේ රජීවි ප්‍රභා ලකුණු 21 – 7 සහ 21 – 12 ලෙස පරාජයට පත් කරමින්ය.

ඇය හෙට දිනයේදී නයිවලදී ඇරඹෙන ජාත්‍යන්තර කණිෂ්ඨ තරගාවලියටද සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තුනට බෙදෙයි

එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම ලබන අගෝස්තු මස අගදී සිම්බාබ්වේ සංචා­රය ආරම්භ කිරී­මට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාං­ග­ණ‍යේදී (එස්එස්සී) කණ්ඩා­යම් 3කට බෙදී විස්සයි20 තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වී­මට සූදා­නම් වෙයි. අගෝස්තු මස 7 වැනිදා ආරම්භ වන මෙම තර­ගා­ව­ලිය බ්ලූ, ග්‍රීන් සහ ග්‍රේ යන කණ්ඩා­ය­ම්ව­ලින් පිටි­යට පිවිසේ.

මේ තර­ගා­ව­ලි­යේදී දක්ෂතා දක්වන ක්‍රීඩ­ක­යන් කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමි­ටුවේ අපේ­ක්ෂාව වේ. නිමා­වට පත්වූ බංග්ලා­දේශ තර­ගා­ව­ලි­යට එක්වූ ක්‍රීඩ­ක­යින්ට අම­ත­රව දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩ­ක­යන් මේ තර­ගා­ව­ලි­යට එක්ක­ර­ගෙන ඇත.

මූලික වටයේ අව­සා­න­යේදී ඉහ­ළම දක්ෂතා දක්වන කණ්ඩා­යම් දෙක අගෝස්තු 16දා එස්එස්සී ක්‍රීඩාං­ග­ණ‍යේදී අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබනු ඇත.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පළමු හා දෙවන එක්දින තර­ගය අගෝස්තු 29 හා 31 දින­වල පැවැ­වෙන අතර, සැප්තැ­ම්බර් 3, 6 හා 7 දින­වල විස්සයි20 තර­ගා­ව­ලිය පැවැත්වේ.

රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් මරුට

ලොව ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මියයන විට 71 වන වියේ පසුවිය. උපතින් ටෙරී බොලියා වුවත්, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්ය.

1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙනි.

ශ්‍රී ලංකා එංගලන්ත තරඟ කාලසටහන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සීමිත පන්දුවාර තරඟාවලියක් සඳහා 2026 සැප්තැම්බර් එංගලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

තරගාවලියට විස්සයි විස්ස සහ එක්දින තරග 3 බැගින් ඇතුළත් වේ. සවුත්හැම්ප්ටන්, කාඩිෆ් සහ මැන්චෙස්ටර් හිදී පිළිවෙළින් සැප්තැම්බර් 15, 17 සහ 19 දිනවල විස්සයි විස්ස තරග පැවැත්වීමට නියමිත‍ය. අනතුරුව සැප්තැම්බර් 22, 24 සහ 27 දිනවලට යෙදී ඇති එක්දින තරග ඩර්හැම්, ලීඩ්ස් සහ ලන්ඩන්වලදී පැවැත්වෙනු ඇත.

 

 

 

කොදෙව් පිළට රසල් අහිමිවෙයි

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 20 විස්ස ක්‍රිකට් තරඟාවලියෙන් පසුව තමන් ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිළේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් නිවේදනය කලේය.

2012 සහ 2016 වසරහී 20විස්ස ලෝක ශූරතාවය දිනාගත් කොදෙව් කන්ඩායමේ සාමාජිකයෙකුවූ රසල් මේ වන විට 20 විස්ස තරඟ 84කට සහභාගීව ඇත. එක්දින තරඟ 56කට සහ එක් ටෙස්ට් තරගයක ක්‍රීඩාකර ඇති රසල් සිය ජාත්‍යාන්තර තරඟ සමුගැනීම ප්‍රකාශයට පත්කරන්නේ සිය 37 වෙනි වියට පැමිණීමත් සමඟය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන⁣ මූලික වටයෙන්ම ඉවතට

T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුව තිබේ.
ඒ, තරගාවලියේ සහභාගි වූ තුන්වැනි තරගයේදී ඉන්දියාව හමුවේ ඊයේ (09) පරාජයට පත්විමත් සමගයි.ඉන්දියාවට අමතරව පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව හමුවේ ද පරාජයට පත්විය.
මෙවර කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු ඉන්දීය කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ දිනයේදී රැස්කල අතර ඒ 172-3 ක් ලෙසයි.
තරගය ජයගැනීම සඳහා ලකුණු 173ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.
ඒ් අනුව ඉන්දීය කාන්තා කණ්ඩායමට ලකුණු 82ක ජයක් හිමිවිය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා – කොදෙව් සංචිතයට අගමැතිනියගේ අනුමැතිය

ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි T20I තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගෙන තිබෙන අතර එම සංචිතය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අනුමත කර ඇත.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පන්දුවාර විස්සයි20 තරඟාවලිය ඔක්තෝබර් 13, 15 සහ 17 යන දිනවල දඹුල්ල අන්තර්ජාති ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය:-
1. චරිත් අසලංක – නායක
2. පැතුම් නිස්සංක
3. කුසල් මෙන්ඩිස්
4. කුසල් ජනිත් පෙරේරා
5. කමිඳු මෙන්ඩිස්
6. දිනේෂ් චන්දිමාල්
7. අවිශ්ක ප්‍රනාන්දු
8. භානුක රාජපක්ෂ
9. වනිඳු හසරංග
10. මහේෂ් තීක්ෂණ
11. දුනිත් වෙල්ලාලගේ
12. ජෙෆ්රි වැන්ඩර්සේ
13. චමිදු වික්‍රමසිංහ
14. නුවන් තුෂාර
15. මතීෂ පතිරණ
16. බිනුර ප්‍රනාන්දු
17. අසිත ප්‍රනාන්දු

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට

International Masters League 2024 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබේ.
මෙම තරගාවලිය සඳහා ඉන්දීය සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06 තරග කිරීමට නියමිතව තිබේ.
තරගාවලියේ පළමු පියවර 2024 නොවැම්බර් 17 සිට 2024 දෙසැම්බර් 8 දක්වා ඉන්දියාවේ මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේදී ආරම්භවේ.
තරගාවලිය නොවැම්බර් 17 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උද්වේගකර ගැටුමකින් ආරම්භ වන අතර, සචින් තෙන්ඩුල්කාර් සහ කුමාර් සංගක්කාර යන ප්‍රබලයෝ කණ්ඩායම් දෙකට ඇතුලත් වේ.

කණ්ඩායම්වල නායකත්වය :
ඉන්දියාව: සචින් ටෙන්ඩුල්කාර්
බටහිර ඉන්දීය කොදෙව්: බ්‍රයන් ලාරා
ශ්‍රී ලංකාව: කුමාර් සංගක්කාර
ඕස්ට්‍රේලියාව: ෂේන් වොට්සන්
එංගලන්තය: ඉයන් මෝගන්
දකුණු අප්‍රිකාව: ජැක් කලිස්

තරග කාලසටහන
17-11-2024 Sun 7:30 PM Mumbai India v Sri Lanka
18-11-2024 Mon 7:30 PM Mumbai Australia v South Africa
19-11-2024 Tue 7:30 PM Mumbai Sri Lanka v England
20-11-2024 Wed 7:30 PM Mumbai West Indies v Australia
21-11-2024 Thu 7:30 PM Lucknow India v South Africa
23-11-2024 Sat 7:30 PM Lucknow South Africa v England
24-11-2024 Sun 7:30 PM Lucknow India v Australia
25-11-2024 Mon 7:30 PM Lucknow West Indies v Sri Lanka
26-11-2024 Tue 7:30 PM Lucknow England v Australia
27-11-2024 Wed 7:30 PM Lucknow West Indies v South Africa
28-11-2024 Thu 7:30 PM Raipur India v England
30-11-2024 Sat 7:30 PM Raipur Sri Lanka v England
01-12-2024 Sun 7:30 PM Raipur India v West Indies
02-12-2024 Mon 7:30 PM Raipur Sri Lanka v Australia
03-12-2024 Tue 7:30 PM Raipur West Indies v England
05-12-2024 Thu 7:30 PM Raipur Semi Final 1
06-12-2024 Fri 7:30 PM Raipur Semi Final 2
08-12-2024 Sun 7:30 PM Raipur Final

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සනත්ගේ සේවා කාලය වසර දෙකකින් යලි දීර්ඝ කරයි

2026 T20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ජනමාධ්‍ය නිවේදනය මෙසේය.
‘ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ, ජයසූරිය ‘අතුරු ප්‍රධාන පුහුණුකරු’ ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී කණ්ඩායම දැක්වූ දස්කම් සැළකිල්ලට ගනිමිනි.
මෙම පත්වීම 2024 ඔක්තෝබර් 1 දින සිට බලාත්මක වූ අතර, 2026 මාර්තු 31 දක්වා පවතිනු ඇත.’

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart