ශ්‍රී ලංකාව අද තරඟ බිමට


මෙවර කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරඟය අද (05) දා ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතව ඇති අතර B කාණ්ඩායේ තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය සාජා හි පැවැත්වේ.
පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු තරඟය අනපෙක්ෂිත ලෙස පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරඟාවලියේ අවසන් පූර්ව තරඟ වටයේ සිය බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වී ඇත.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා කාන්තා තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අද

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අද (03) ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.
අද රාත්‍රී 7.30 එම තරඟය පැවැත්වීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට වසරක ක්‍රිකට් තහනමක්


ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංගනය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම විසින් පිළිගැනීමෙන් පසුව ඔහුට වසරක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔහුට එල්ල වූ චෝදනාව , ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම සඳහා ඔහු වෙත සිදුකර තිබූ යෝජනා සම්බන්ධයෙන් දුෂණ විරෝධී ඒකකය දැනුවත් නොකිරීම බව වැඩි දුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කාන්තා 20-20 ලෝක කුසලාන තරඟාවලිය හෙට ආරම්භ වෙයි

කාන්තා 20-20 ලෝක කුසලාන තරඟාවලිය හෙට (3) බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇරැඹීමට නියමිත අතර චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරඟය හෙට පකිස්තානය සමගින් පැවැත්වීමට නියමිතව ඇත. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ 9 වැනි තරගාවලිය වන මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 10කි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා – කොදෙව් තරඟ කාලසටහන නිවේදනය කරයි


බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව කොදෙව්වන් සීමිත ඕවර තරග 6කට මෙරටදී සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව කොදෙව් කණ්ඩායම ඔක්තෝබර් මස පළමු සතියේ මෙරටට පැමිණෙනු ඇත.
T20 තරග 3ක් සහ එක්දින තරග 3ක් මෙම සංචාරයට ඇතුළත් වේ.
T20 තරග තුනම දඹුල්ලේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන පල්ලේකැලේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
T20 තරග තුන ඔක්තෝබර් මස 13, 15 සහ 17 යන දිනවල පැවැත්වෙන අතර එක්දින තරග පැවැත්වෙන්නේ ඔක්තෝබර් මස 20, 23 සහ 26 යන දිනවලයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා වෙයි


ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (28).
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 22 ක් ලබා
සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88 ක් පමණයි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 29 ක් රැස් කළ මිචෙල් සැන්ට්නර්. ඩැරල් මිචෙල් ලකුණු 13 ක් හා රවින් රවීන්ද්‍ර ලකුණු 10 ක් ලබා ගෙන තිබේ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 602 ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වීමට තීරණය
කළේය.ඒ අනුව නවසීලන්තය මේ වන විට පිටු පසින් පසුවන ලකුණු සංඛ්‍යාව 514ක්.
පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 42 කට කඩුලු 6 ක් දවා ගත් අතර, සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන නිශාන්
පීරිස් ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කාසියේ වාසිය දිනූ ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

අද (26) දිනයේදී පැවැත්වෙන සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත.
මේ වන විට වර්ෂාව හේතුවෙන් තරගය මදකට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණූ 41 ක් රැස්කරගෙන සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කාසියේ වාසිය ලංකාවට


ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තිීරණය කර තිබේ.
ඒ අනුව තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදී පැවැත්වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හර්ෂිතා සහ වෙල්ලාලගේ ICC සම්මානයට

අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා හර්ෂිතා සමරවික්‍රම නම් කර තිබේ.
අගෝස්තු මස පිරිමි ක්‍රිකට් ක්‍රිඩක සම්මානයට වෙල්ලාලගේ සමගින් දකුණු අප්‍රිකාවේ කේෂව් මහාරාජ් සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් නිර්දේශ වී තිබිණි.
දුනිත් වෙල්ලාලගේ මේ වසරේ මාර්තු මසදීද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ක්‍රිකට් ක්‍රීඩක සම්මානයට කමිඳු මෙන්ඩිස් සමග නිර්දේශ වී තිබිණි.
මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල අගෝස්තු මස හොදම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රමට හිමිව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

SL vs NZ ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නවසීලන්තයට එරෙහිව තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කර ඇත.
ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන්16 දෙනා ඇතුළත් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart