SL vs NZ ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නවසීලන්තයට එරෙහිව තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කර ඇත.
ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන්16 දෙනා ඇතුළත් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලංකාවට තවත් රන්පදක්කමක්

ඉන්දියාවේදී පැවති 2024 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 110 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ සඳුන් කෝසල විසින් දිනාගත් අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 14.06 කි.
එම තරඟයේම රිදී පදක්කම ඉන්දියාවට හිමි වූ අතර තත්පර 14.27 කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ විශ්ව තාරුකට ලෝකඩ පදක්කම හිමි විය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තුන්වන වටයට පිවිසීමට වරම් ලැබූ පාපන්දු ශූරයින් දිවයිනට


ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන්වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් අතර එම කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔවුන් පිළිගැනීම සදහා පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබෙන අයුරු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් කාම්බෝජයේ නොන්පෙන් නුවර දී පසුගිය 10 දින පැවැත්වූ අතර එහිදී දෙරටම 2-2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කිරීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4-2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට කාම්බෝජයට එරෙහිව තියුණු ජයක්

නොම් පෙන් ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවති AFC ආසියානු කුසලාන 2027 සුදුසුකම් ලැබීමේ ප්‍ලේඕෆ් වටයේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ත්‍රාසජනක දඬුවම් පහරකින් කාම්බෝජයට එරෙහිව ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
මෙම තරගයේදී නියමිත කාලය තුළදී ගෝල 2-2ක් ජය පරාජයෙන් තොරව තරගය නිමාවීම හේතුවෙන් ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා දඬුවම් පහර වෙත යොමුවීමට සිදුව ඇති අතර එහිදී 4-2ක් ලෙස ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිවී තිබේ.
ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා දඬුවම් පහරවලදී තීරණාත්මක රැකගැනීම් සිදු කළ ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා එදින තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නවසීලන්ත සංචාරයෙත් පුහුණුකරු සනත්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරග ජයග්‍රහණයෙන් පසුව සනත් ජයසූරියට ඔහුගේ භූමිකාව වෙනුවෙන් වැඩි වගකීමක් ලබාදී තිබෙන බවටත් ඔහුගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබාගත්තේ වසර 27කට පසුවය.
ශ්‍රී ලංකාව පසුගියදා එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජය වුවද, ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ප්‍රශංසනීය දස්කම් පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දඟ පන්දු පුහුණුකරු ලෙස රංගන හේරත් නම් කරයි

එළැඹෙන ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් නම්කර ඇත.

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස දෙකේදී ආසියාවේදී ටෙස්ට් තරග 6කට සහභාගී වීමට නියමිතව ඇති අතර ඉන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග ඉන්දියාවේ පැවැත්වෙන තරගය සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා රංගන හේරත් ගේ සේවය නවසීලන්ත කණ්ඩායමට හිමි වීමට නියමිතය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සමිත දුලාන්ගෙන් රිදී පදක්කමක්

පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත්වී තිබෙනවා.
මීටර 67.03 ක පුද්ගලික හොඳම දුරක් සමඟින් දුලාන්ට F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති ලෝක වාර්තාව (මීටර් 66.49) ද බිඳ දැමීමටද හැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

එංගලන්ත පළමු ඉනිමට ලකුණු 427ක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස් කරගෙන තිබේ.
ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුළු 7ක් දැවී ලකුණු 358ක් රැස් කළ අතර දෙවැනි දිනයටත් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම අද (30) සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 427ක් පමණයි.
ඒ අනුව මෙම ඉනිමේදී ලකුණු 102කට කඩුලු 5ක් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය.
අද ඔවුන් තවත් ලකුණු 69ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්විය.
එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ලකුණු 143ක් රැස්කළ අතර ගස් ඇට්කින්සන් ලකුණු 108යි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කර ඇත.
ඒ අනුව අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක හා ළහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කාන්තා T20 World Cup සංශෝධිත කාලසටහන නිකුත්වෙයි

මෙවර T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි බංග්ලාදේශ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර එහි තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව, තරගාවලිය ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් මස 03 වන දින පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ සාජාහිදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙවර තරගාවලිය තුළ තරග 23ක් පැවැත්වීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart