T20 ලෝක කුසලානයේ පුහුණු තරග අද ආරම්භ වෙයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (27) ආරම්භ වේ.
ඒ අනුව පළමු පුහුණු තරගය ලෙස කැනඩා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.00 ට ආරම්භ වීමට නියමිතයි.
එසේම ඕමාන කණ්ඩායම හා පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (28) මධ්‍යම රාත්‍රී 12.30 ට ආරම්භ වන අතර,
නැමීබියා කණ්ඩායම හා උගන්ඩා කණ්ඩායම අතර පැවැත්වෙන තවත් පුහුණු තරගයක් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (28) අලුයම 4.30 ට ආරම්භ වීමට නියමිතයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

සමිතගෙන් නව වාර්තාවක්


ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පළමු උත්සාහයේදී මීටර් 66.49 ක
දක්ෂතාවක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

යුපුන්ට තවත් ජයක්

ඊයේ (24) දින ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.16කින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය. මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර යුපුන්ගේ එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

Add to cart