එංගලන්ත පළමු ඉනිමට ලකුණු 427ක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස් කරගෙන තිබේ.
ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුළු 7ක් දැවී ලකුණු 358ක් රැස් කළ අතර දෙවැනි දිනයටත් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම අද (30) සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 427ක් පමණයි.
ඒ අනුව මෙම ඉනිමේදී ලකුණු 102කට කඩුලු 5ක් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය.
අද ඔවුන් තවත් ලකුණු 69ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්විය.
එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ලකුණු 143ක් රැස්කළ අතර ගස් ඇට්කින්සන් ලකුණු 108යි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කර ඇත.
ඒ අනුව අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක හා ළහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කාන්තා T20 World Cup සංශෝධිත කාලසටහන නිකුත්වෙයි

මෙවර T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි බංග්ලාදේශ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර එහි තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව, තරගාවලිය ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් මස 03 වන දින පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ සාජාහිදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙවර තරගාවලිය තුළ තරග 23ක් පැවැත්වීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද

අද(23) තුන්වැනි දිනටත් සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 236කි. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුළු 6ක් දැවී ලකුණු 259ක් රැස් කරගෙන සිටි බව වාර්තා වේ. එමෙන්ම අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ජෙමී ස්මිත් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Web link >>> https://thenews.lk/
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා අයර්ලන්ත එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (16) බෙල්ෆාස්ට්හිදී ආරම්භ වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතව තිබෙන මෙම තරඟයට ශ්‍රී ලංකා නිත්‍ය නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරයි.

2017 වසරේ පෙබරවාරි 8 වැනිදා අයිසීසී කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී හමුවීමෙන් පසුව නැවත මේ දෙපිල එක්දින පිටියේදී හමුවන්නේ වසර 7කට පසුවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

ටයිකොන්ඩෝ ශූරයෝ දිවයිනට

මැලේසියාවේ පැවති දාසය වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ජයග්‍රහනයන් සමගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. එහිදී රන් පදක්කම් 13ක් රිදී පදක්කම් 05 සහ ලෝකඩ පදක්කම් 05 දිනාගෙන ඇත.

ඔවුන් පිළිගැනීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරීයෙක් වන, මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

මෙම තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී ඉකුත් 01 දින සිට 10 දින දක්වා ලෝකයේ රටවල් විසි දෙකක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයන් පවත්වා තිබුණී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන 20-20 තරඟය අද

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (13) පස්වරු 8.30ට ඩබ්ලින් හිදී සංචාරක ආරම්භ වීමට නියමිතව තිබේ.

පෙර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 07ක ජයක්


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා අයර්ලන්තය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග තරග දෙකකින් යුත් 20-20 තරගාවලියේ ඊයේ පැවැති පළමු තරගය කඩුලු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 145ක් රැස්කළ අතර එහිදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙකක් බිඳහෙළීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිඩිකාවෝ පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 149ක් ලබාගනිමින් තරගය ජය වාර්තා කල අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟින් පන්දු 45කදී නොදැවී ලකුණු 85ක් රැස්කළාය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අනුෂ්කාගේ නායකත්වය සමඟ කාන්තා කණ්ඩායම අයර්ලන්තයට

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා ඊයේ (06) රාත්‍රියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් වී තිබේ.

චමරි අතපත්තු Women’s Hundred තරඟාවලිය සඳහා සහභාගි වීම හේතුවෙන් මෙම තරගාවලියට චමරි එක් නොවන අතර කාන්තා ක්‍රිකට් නායිකාව ලෙස අනුෂ්කා සංජීවනී පත්කර තිබේ.
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පළමුව තරඟ 02කින් සමන්විත පන්දුවාර 20 තරඟාවලියක් පැවැත්වෙන අතර පළමු තරඟය ලබන අගෝස්තු 11වනදා ද,අගෝස්තු 16වෙනිදා එක්දින තරඟාවලිය ද ඇරඹීමට නියමිතව ඇත්තේ බෙල්ෆාස්ට් හීදීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා ඉන්දියා අවසන් එක්දින තරඟය අද


ශ්‍රී ලාංකා හා සංචාරක ඉන්දියා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද 07 පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 2.30ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ පළමු තරගය ජය පරාජයකින් තොරව සම වූ අතර,අනෙක් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමඟ 1-0 ලෙස ලංකාව ඉදිරියෙන් සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart