අවසන් සටනට එක් වන සිංහ ධේනූවෝ

2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් වූයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු තුනකින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 140ක් රැස් කරගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හිමි ඉලක්කය ලකුණු 141 විය. පන්දුවාර දහනවයයි පන්දු පහක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යෑමේ වගකීම ගත් අනුෂ්කා සංජීවනී, එක් පන්දුවක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණ කරා රැගෙන යමින් 2024 ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාවට සුදුසුකම් හිමි කර දුන්නා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය චරිත්ට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. එහිදී ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි වී තිබේ. සංචිතය සඳහා කැඳවා ඇති ක්‍රීඩකයින් ලෙස කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු හා නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ නම් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කාසියේ වාසිය ලංකාවට

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණෟඩායම හා මැලේසියා කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වේ. මෙහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ආසියානු කාන්තා T 20 තරඟාවලිය අද දඹුල්ලෙදී

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය අද දින (19) දඹුල්ලේදී ආරම්භ වේ. මෙම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර, A කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදිනු ලබයි. එමෙන්ම B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය තරග කිරීමට නියමිතව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව හෙට (20) රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව පවතී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

T20 නායක වනිඳු ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංකා පිරිමි T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත.
ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට සෑම විටම තමාගෙ උරිම උත්සහය ලබා දෙන බවත්,කණ්ඩායමට හා නායකත්වයට උපරිම සහය පලකරන බවත් වනිඳු හසරංග ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ප්‍රකාශ කර ඇත්තේ, හසරංග ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් සැලසුම් තුළ වැදගත් ක්‍රීඩකයකු ලෙස අඛණ්ඩව ක්‍රීඩා කරනු ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වාර්තා පොත් අතරට ගිය යමාල්

යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ ගෝල 2-1ක් ලෙස ප්‍රංශය පරාජය කරමින් ස්පාඤ්ඤය අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය. මෙහිදී ස්පාඤ්ඤය වෙනුවෙන් ක්‍රීඩාකළ ලෙමීන් යමාල් එම කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කළ අතර යුරෝපීය කුසලාන තරගයකදී ගෝලයක් වාර්තාකළ ළාබාලතම ක්‍රීඩකයා ලෙස තවමත් වයස අවුරුදු 16යි දින 362ක් වන යමාල් වාර්තා පොත් අතරට එක්විය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිතුවක්කාර වනිඳුට දඩයක්


වෙනත් ලාංඡනයක් සහිත හිස් ආවරණයක් පැළඳ පන්දුවට පහරදීමට පිටියට පැමිණි වනිදු හසරංගට LPL තරගාවලියේ ඇඳුම් වලට අදාළ නීතිය කඩකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් 3000ක දඩයක් ගෙවීමට ළ්ඵ්ළ් තරඟ කමිටුව තීරණය කර ඇති බව වාර්තාවේ..ඒ අනුව අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස ඔහුට දැනුම් දී ඇතත් එම විනිසුරු තීරණයට අවනත නොවීම මෙම දඬුවමට හේතුව වී ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

2024 යුරෝපීය පාපන්දු අවසන් පූර්ව තරඟය ස්පාඤ්ඤය සහ ප්‍රංශය අතර

2024 යුරෝපීය පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සහ ප්‍රංශය සමත් වී ඇති අතර ස්පාඤ්ඤය ගෝල 2කට 1ක් වාර්තා කරමින් සත්කාරක ජර්මනිය පරාජය කිරීමට සමත්වී තිබේ.ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවති තරගයේ නියමිත කාලයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ නිසාවෙන් ජයග්‍රාහකයින් තීරණය කිරීමට දඬුවම් පහරක් ලබා දුන් අතර එහිදී 5ට 3ක් ලෙස තරගය ජය ගැනීමට ප්‍රංශය සමත්විය. මෙම තරගය සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ අවසන් යුරෝපීය කුසලාන තරගය ලෙස වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අදින් ඇරඹෙන LPL

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර පළමු තරගයේදී දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙන අතර අද (01) රාත්‍රී 7.30ට තරඟය ආරම්භ වීමට නියමිතව පවතී. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙසින් කටයුතු කරන ඔස්ට්‍රේලියා හිටපු නායක මයිකල් ක්ලාක්ද සහභාගී වන අතර අදින් ඇරඹෙන තරගාවලිය ජුලි 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්‍රිස් සිල්වර්වූඩ් ක්‍රිකට් පුහුණුකරු ධූරයෙන් ඉවත් වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වුණු බවට වාර්තා වේ. ඒ තම පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බව දැනුම් දෙමිනි. ඔහුගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සිදුකළ වටිනා දායකත්වයට ස්තුති වන්ත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරමින් සඳහන් කර ඇත. ඔහුගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022දී T 20 ආසියානු කුසලානය ජයගත් අතර 2023දී එක්දින ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට තරඟ වැදුණේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart