උපදේශක මහේල ඉල්ලා අස්වෙයි


උපදේශක පුහුණුකරු ධූරයෙන් මහේල ජයවර්ධන මහතා ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සිංහ පැටව් දිවයිනට

T20 ලෝක කුසලාන තරගයේ මුල්වටයෙන්ම ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) කටුනායක ගුවන් තොටුපොළින් නැවත මෙරටට පැමිණ තිබේ.ඒ මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු ” සිල්ක් රූට් ” පර්යන්තය ඔස්සේ බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කලේ.
එහිදී ” සිල්ක් රූට් ” පර්යන්තයේ පහසුකම් සදහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග ප්‍රකාශ කර සිටියේ, ඔවුන් වශයෙන් ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරිහැටි ක්‍රීඩා නොකළ නිසා මේ තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ බවත් පිතිකරණය , පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් සිදු නොවූ බැවින් ඒ සම්බන්ධයෙන් කණගාටුව පලකරන බවත්‍ ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

නව ව්‍යවස්ථා කෙටුම්පතක් අද දින ජනාධිපති අතට

විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ප්‍රමුඛ කමිටුවක් මගින් සකසන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (15) දින භාරදී ඇති බව වාර්ථා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඉන් යෝජනා කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewsl

ශ්‍රී ලංකාව T20 ත‍රගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකාව හා නේපාලය අතර ලෝක කුසලාන තරගාවලිය අද පැවැත්වීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.ඒ කණ්ඩායම් දෙකටම සම ලකුණු ලබා දීමෙනි.
තරග සැලැස්මේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ස්ථානයේ පසුවන අතර සුපිරි 8 දෙනාගෙ වටයට යාමට අවස්ථාවක් නැති තත්වයට පත්ව ඇත.
නෙදර්ලත්වය හා බංගලදේශය අතර පැවැත්වෙන තරඟයෙන් කුමක් ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊළඟ වටයට යාමේ කිසිදු අවස්ථාවක් නොලැබී යයි.
එම තරඟයට වර්ෂාවෙන් බාධා ඇති වුවත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව හා ශ්‍රී ලංකා කණ්ඩායම සිටින ස්ථානය අනුව නෙදර්ලන්තය හා තරගය ඉතා විශාල පරතරයකින් ජයගෙන දෙවන ස්ථානයට යාමට අවස්ථාව ඉතාමත් අඩුය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

තාවකාලික අත්හිටුවීමක්

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය රග්බි සංගමය ,මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් වහාම ක්‍රියාත්මක වන පරිදි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

එහි දී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මීට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරී ලෙස පත්කර ඇති බව ද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

වනිඳු පළමු තැනට

නවතම විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිදු හසුරංග සමත් වී ඇති බවට වාර්තාවේ. ඒ වනිදු හසරංග බංගලාදේශ ක්‍රීඩක සකීබ් අල් හසන් සමඟ සම මට්ටමේ සිට ප්‍රසාද ලකුණු මට්ටම 228 දක්වා වැඩි විමෙන් පසුය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

T20 ලෝක කුසලානයේ පුහුණු තරග අද ආරම්භ වෙයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (27) ආරම්භ වේ.
ඒ අනුව පළමු පුහුණු තරගය ලෙස කැනඩා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.00 ට ආරම්භ වීමට නියමිතයි.
එසේම ඕමාන කණ්ඩායම හා පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (28) මධ්‍යම රාත්‍රී 12.30 ට ආරම්භ වන අතර,
නැමීබියා කණ්ඩායම හා උගන්ඩා කණ්ඩායම අතර පැවැත්වෙන තවත් පුහුණු තරගයක් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (28) අලුයම 4.30 ට ආරම්භ වීමට නියමිතයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

සමිතගෙන් නව වාර්තාවක්


ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පළමු උත්සාහයේදී මීටර් 66.49 ක
දක්ෂතාවක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

යුපුන්ට තවත් ජයක්

ඊයේ (24) දින ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.16කින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය. මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර යුපුන්ගේ එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

Add to cart