තද සුළං සහ විදුලි බිඳවැටීම් රට පුරා. අදත් තත්ත්වය නරක අතට

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් කාලගුණ නිවේදනයක් නිකුත් කරමින්, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ඉක්මවන අධික වර්ෂාවක් අපේක්ෂා කරන බවට අනාවැකි පළ කර ඇත. අනාවැකි පළකිරීමේ අංශයට අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම අධික වර්ෂාව ඇතිවිය හැකිය.

ඊට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. මේ අතර, උතුරු මැද පළාතේ සහ මන්නාරම හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලටත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලටත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් පමණ වූ සාමාන්‍යයෙන් තද සුළං අපේක්ෂා කළ හැක.

කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය මහජනතාවට, විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල සිටින අයට, හදිසි තද සුළං සහ ප්‍රාදේශීය අධික වර්ෂාවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වෝපායයන් ගන්නා ලෙස උපදෙස් දෙයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පවසයි.

ඊයේ (මැයි 29) සවස ඇති වූ අධික වර්ෂාව, තද සුළං සහ අකුණු ගැසීම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා ඇති වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව, විදුලිබල මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විමසිල්ලෙන් සිටින ලෙසත්, කිසියම් විදුලි බිඳවැටීමක් හෝ විදුලි දෝෂයක් වහාම වාර්තා කරන ලෙසත්ය.

ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා, Android සහ iOS යන දෙකෙහිම ලබා ගත හැකි CEBCare ජංගම යෙදුම හරහා බිඳවැටීම් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පුරවැසියන් දිරිමත් කරයි. විකල්පයක් ලෙස, ඕනෑම ගැටළුවක් වාර්තා කිරීම සඳහා මහජනතාවට 24/7 ක්‍රියාත්මක වන 1987 යන කෙටි අංකයට ඇමතිය හැකිය.

විදුලිබල මණ්ඩලය මහජනතාවට සහතික වන්නේ, දෝෂ හැකි ඉක්මනින් නිවැරදි කිරීම සඳහා දිවයින පුරා කණ්ඩායම් සූදානම්ව සිටින බවත්, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ මහජන සහයෝගය අපේක්ෂා කරන බවත්ය.

දිවයින පුරා තද වැසි සහ ඇතැම් දිස්ත්‍රික්වල නාය යෑමේ අනතුරු ඇඟවීම්..!

අද (මැයි 18) උදෑසන 9:00 ට නිකුත් වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනය මගින් ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බැවින් මෙම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයකින් සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මේ අතර, පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව එම සංවිධානය නිවේදනය කරයි. මෙම අනතුරු ඇඟවීම අද පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා වලංගු වේ.

අදත් දිවයින පුරා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (14)  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර තිබේ .

නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න එපා.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත්, කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
විසින් නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් ගොඩබිමට එන රළ උස නොවන බවත් මෙම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වායු ගෝලය කැලඹෙයි.ඉදිරි දින කිහිපය තුළ වර්ෂාවේ වැඩි වීමක්

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවත් බස්නාහිර, සබරගමුව, දකුණුසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ලැබීමට ඉඩ ඇති අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා ඇත.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇති අතර එම මෙම අනතුරු ඇඟවීම අද (07) පෙරවරු 9.30 සිට හෙට පස්වරු 9.30 දක්වා ක්‍රියාත්මක බව වාර්තා වේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ඇම්බර් පැහැයෙන් යුතු “අවදානයෙන් සිටින ලෙසට” අනතුරු අඟවා ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “කහ පැහැයෙන් යුතු” විමසිලිමත් වන්න යන අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaB

ප්‍රභල අකුණු ගැන සැලකිලිමත් වන්න


අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද, ප්‍රභල අකුණුද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක්


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 45 ත් පමණ තද සුළං ඇති විය හැකි බව ද ඌව පළාතේත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තා කරනවා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අදත් තද වැසි


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. එමෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දන්වා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සුරාබදු දෙපාර්තමේන්තුවට පාඨලී ප්‍රමුඛ ක්‍රම සහ විධි යෙන් අප්‍රසාදය


පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් 2023 වසරට අදාළ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැර ඇත. මෙහිදී 2023 වසර සඳහා ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල වන රු. බිලියන 1.1 ක මුදල 2024.06.30 වැනි දිනට හෝ ඊට පෙර අදාළ මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය කර ගැනීම සඳහා කාරක සභාව විසින් 2024.04.24 වන දින ලබා දුන් නිර්දේශ ප්‍රකාරව ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම පිළිබඳව කාරක සභාව විසින් සිය බලවත් අප්‍රසාදය පල කරන ලදී. එහිදී ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශයන් , පෙර වසරවල සුරා බදු අය කරගැනීම සඳහා වන ගිවිසුම් අතර වන පරස්පරයන්ද ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයෙන් විමසා සිටියත් ඒ සඳහා අමාත්‍යාංශය පාර්ශවයෙන් පිළිතුරක් නොලැබුනු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart