අඩුපීඩන කලාපය සුළි කුණාටුවකට හැරෙයිද ?

අද (ඔක්තෝබර් 25) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇත. මෙම පද්ධතිය 2025 ඔක්තෝම්බර් 25 වැනි දින පෙ.ව. 5.00 ට පමණ මඩකලපුවේ සිට කිලෝමීටර් 850 ක් පමණ දුරින් පිහිටා තිබුණි. මෙම අඩු පීඩන කලාපය අද (25) දිනයේදී ගිනිකොණ දිග සහ ඊට යාබද මධ්‍යම-බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇත. මෙම පද්ධතිය ඔක්තෝම්බර් 26 දින ගැඹුරු පීඩන අවපාතයක් දක්වා සහ ඔක්තෝම්බර් 27 වන දින සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ආණ්ඩුව රහසිගතව QUAD යුධ සන්ධානයට ?

ඉන්දියාවෙන් පසු ජපානයත් සමග රහසිගත හමුදා සන්ධානයකට සූදානමක් ඇතැයි ජන අරගල ව්‍යාපාරය පවසයි.

නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා මෙසේ පැවසීය.

“සැප්තැම්බර් 30 වෙනිදා ජපානයේ විදේශ කටයුතු ඇමතිවරයා සහ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇමතිවරයා අතර යම් සාකාච්ඡාවක් පැවත්වුණා. මේ සාකාච්ඡාවට අදාළව කරුණු ප්‍රමාණයක් ජපන් තානාපති කාර්‍යාලය හරහා මේ වෙද්දිත් මාධ්‍යට හෙළිදරව් කරලා තියනවා. නමුත් ලංකාවේ රජය තවමත් මේ සාකාච්ඡාව ගැන කිසිඳු විදිහකින් ජනතාවට කරුණු සඳහන් කරලා නෑ. අපි දන්නවා මේ ආණ්ඩුව පසුගියා අප්‍රේල් 5 වෙනිදා ඉන්දියාව සමග ගිවිසුම් ප්‍රමාණයක් අතසන් කළා. නමුත් අදටත් ඒ ගිවිසුම් ගැන ඇහුවම ආණ්ඩුව නිහඬයි. හැබැයි දැන් මන්නාරමට ගියාම, ත්‍රිකුණාමලයට ගියාම අපිට අත්දකින්න පුලුවන් එදා ජනතාවට හොරෙන් අත්සන් කරපු ගිවිසුම්වල තිබුණ කොන්දේසි මොනවද කියලා. අද ඒ ප්‍රදේශවල ජනතාව බලහත්කාරයෙන් එලවලා ඉන්දියානු සමාගම්වලට ඉඩම් ටික විකුණනවා. අන්න ඒක නිසා තමයි අපි ප්‍රශ්න කරන්නේ මේ ආණ්ඩුවෙන් ජපානයත් එක්ක මේ පැවති සාකාච්ඡාවේදී කතාකලේ මොනවද? කියලා. මොකද ආණ්ඩුව අද රටවල් එක්ක ඇතිකරගන්න එකඟතාවල, අත්සන් කරන ගිවිසුම්වල ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා අපි හිතන විදිහට කාටත් වැඩිය රටේ ජනතාවට අයිතියක් තියනවා ආණ්ඩුව කරන කියන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න.

 

පස්සර – ලුණුගල මාර්ගයේ අවට පිරිසට හදිසි දැනුම්දීමක්

 

බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර – ලුණුගල මාර්ගයේ කොටස්වල නාය යෑම් තත්ත්වයන් වාර්තා වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ, පස්සර 13 කණුව අසල නාය යාමක් සිදුවීමෙන් මාර්ගය මතට ගල් පෙරළී අවහිර වී ඇති බවයි.

පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනට එම මාර්ගයේ එක් මංතීරුවක් පමණක් ගමනාගමනය සඳහා විවෘතව තැබීමට පියවර ගෙන ඇත. එබැවින් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන් වඩාත් ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටී.

මේ අතර, පස්සර, කනවැරැල්ල බටහිර හෙළපොල ප්‍රදේශයේ නාය යෑමේ අවදානමක් සක්‍රීය වීම හේතුවෙන් එහි පදිංචි පවුල් තුනක පුද්ගලයින් වහාම ආරක්ෂක ස්ථාන වෙත යැවීමට පස්සර ප්‍රාදේශීය ලේකම්වරිය පියවර ගෙන ඇත.

අයහපත් කාලගුණය පහව යන තෙක් අවදානම් කලාපවල ජනතාව වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස බලධාරීහු දැනුම් දෙති.

සබීතටයි සැමියටයි ETF නඩු 02ක්

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් ප්‍රවීණ නිළි සබීතා පෙරේරා, ඇගේ සැමියාට සහ ඩීපී ජයසිංහ පයිලින් පුද්ගලික සමාගමට (DP Jayasinghe Piling Co – Pvt Ltd) එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 02 ක් ඊයේ (17) පවරන ලදී.

රුපියල් ලක්ෂ 07 කට අධික අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති සෝමසිරි ඒකනායක මහතා විසින් මෙම නඩු දෙක අධිකරණය හමුවේ පවරනු ලැබීය.

රුපියල් පන්ලක්ෂ හැත්තෑතුන්දහස් හත්සිය අනූවක (573,790) අධි භාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එක් නඩුවක් විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ අතර රුපියල් එක්ලක්ෂ විසිනව දහස් නවසිය අනූවක (129,990) අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අනෙක් නඩුව විත්තිකරුවන්ට එරෙහිව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් පවරන ලදී.

අදාළ නඩුවල විත්තිකරුවන් ලෙස අංක 286 ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පදිංචි ප්‍රවීණ නිළි සබීතා ජානකී පෙරේරා, ඇයගේ සැමියා වන දොන් උපාලි ජයසිංහ සහ ඔවුන්ගේ දෙමටගොඩ, බේස්ලයින් පාරේ අංක 717 පිහිටි ඩීපී ජයසිංහ පයිලින් පුද්ගලික සමාගම නම්කර තිබිණි.

අද පස්වරුවේ මහා වැසි

කාලගුණ දෙපාර්තමේන්තුව අනාවරණය කළේ අද (13) බස්නාහිර හා සබරගමුව පළාත්වලට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

තවද නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00න් පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවද ඇතිවිය හැකි බව දක්වා ඇත.

මුහුදු ප්‍රදේශවලටත් බලපෑමක් ඇති අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් තැනින් තැන වැසි ඇතිවිය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුළං නිරිත දෙසින් පැ.කි.මී. 30-40 වේගයෙන් හමා එන අතර, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා ඉහළ යා හැකි බවත් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව තවදුරටත් සඳහන් කර ඇත.

ප්‍රදේශ රැසක උණුසුම ගැන උණුසුම් තත්ත්වයක්

උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිගු වේලාවක් උණුසුමට නිරාවරණයවීම සහ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් තෙහෙට්ටු තත්ත්ව ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

තවද, විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඩු පෙරළීම් සිදුවිය හැකි බවත්, උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වාර්තාවේ සඳහන් වේ.

විදෙස් ණය නිසා චීන ආධාර වලින් කරන රෝහල් 13ක ගොඩනැගිලි ඉදිකිරීම් මඟ නතර වෙයි

විදෙස් ණය ගෙවීම පිළිබඳ අන්තර්කාලීන ප්‍රතිපත්තියට සමගාමීව විදෙස් බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළු විවිධ කාරණා හේතුවෙන් චීන ආධාර යටතේ දිවයිනේ රෝහල් 13ක ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘති ප්‍රමාදවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා චීනය විසින් ඩොලර් මිලියන 85 ක ආධාර මුදලක් ලබාදී ඇති අතර, ගොඩනැගිලි ඉදිකිරීමට අමතරව තෝරාගත් රෝහල් සඳහා වෛද්‍ය උපකරණද සැපයීමට නියමිතය.

2019 දී ආරම්භ වූ ව්‍යාපෘතිය 2026 වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන නමුත්, විදෙස් ණය ගෙවීමේ අන්තර්කාලීන ප්‍රතිපත්තිය, විදෙස් බැංකු ක්‍රියාමාර්ග, කොවිඩ්-19 වසංගතය, ගෝලීය නාවික ගමනාගමන අර්බුදය, ආනයන සීමා, ඉන්ධන හා විදුලි ගැටලු ආදිය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු පමාවී ඇත.

ඉදිකිරීම් සිදු කෙරෙන රෝහල් අතර දර්ගා, මීරිගම, අළුත්ගම, සමන්තුරෙයි, එරාවූර්, පොතුවිල්, කල්පිටිය, රිකිල්ලගස්කඩ, මැදිරිගිරිය, පදවිය, වලස්මුල්ල, මහියංගනය සහ කලවාන රෝහල් ගොඩනැගිලි අඩංගු වේ.

 

2025 විශාලතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

 

මෙම වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (අගෝස්තු 12) මධ්‍යම රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා නැරඹිය හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

“පර්සීස්” ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාවට හේතුව පර්සීස් තාරකා රාශිය ආශ්‍රිතව සිදුවීමයි. එහි ඇති විශේෂත්වය වන්නේ පැයකට උල්කාපාත 100ක් පමණ දැකගත හැකි වීමයි. වීරසේකර මහතා සඳහන් කළේ මෙවැනි විශාල උල්කාපාත ප්‍රමාණයක් දැකගත හැකි වන්නේ ඉතා දුර්ලභ අවස්ථාවලදී බවයි.

මෙම උල්කාපාත වර්ෂාව නැරඹීමට හොඳම කාලය වන්නේ හෙට උදෑසන 5ට පමණ උතුරු දිශාව බැලීම බව ඔහු වැඩිදුරටත් පැවසීය. පර්සියස් තාරකා රාශිය මධ්‍යම රාත්‍රියෙන් පසු ක්ෂිතිජයෙන් මතු වී අලුයම් කාලය දක්වා ඉහළට ගමන් කරන නිසා, උදෑසන 5ට පමණ එය හොඳින්ම දැකගත හැකියි.

ගොළු මාධ්‍ය හමුවක් අද උදේ 10ට

පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භය සම්බන්ධයෙන් එම ආයතනය අද පෙරවරු 10.00ට මාධ්‍ය සාකච්ඡාවක් සඳහා මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබේ.

මේ මාධ්‍ය සාකච්ඡාව හරි අපූරු එකක් වන අතර ඒ අදාළ ව්‍යාපෘතියේ ප්‍රධානම හවුල්කාර සමාගම් දෙකේ ප්‍රධානම චරිතවන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති-ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ගෙන් හෝ මෙල්කෝ පීබීඑල් එන්ටර්ටේන්මන්ට් (මැකාවු) ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ මහතාගෙන් සජීව ප්‍රශ්න ඇසීමට නොහැකි වීම නිසාය.

ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න අසන්නේ නම් මෙහි මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරනු ඇඩ්ෆැක්ටර් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ආයතනය මාධ්‍යවෙත සපයා ඇති QR කේතය ස්කෑන් කර එයට අදාළ පිළිතුර ලිඛිතව යැවිය යුතුය.

අදාළ උපදෙස් ලබාදී තිබුණේ ඉකුත් ජුලි 29 වැනිදාට පෙර යවන ලද ආරාධනා ව මගිනි. ඉන් පසුව ඔවුන් විසින් එයට පිළිතුරු දෙන්නේද නැද්ද යන්න තීරණය කරනු ලබයි. කිසිදු ප්‍රශ්නයක් ඇසීම අවස්ථාවක් ද නැතැයි ආරාධන කොන්දේසිවල දැක්වේ.

එසේම, අදාල මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන ඇඩ් ෆැක්ටර් ආයතනය විසින් ඔවුන් විසින් කලින් යවනු ලැබූ ආරාධිත මාධ්‍ය ප්‍රධානීන් සදහා ඊයේ දුරකථනයෙන් දන්වා ඇත්තේ ඔවුන් විසින් කියන තෙක් කිසිදු ඡායාරූප ශිල්පියකුට ඔවුන්ගේ කැමරාව භාවිතා කළ නොහැකි බවයි.නොඑසේ නම් ඔවුන් ඉඳගත් තැනින් නැගිටින්නට කියනතෙක් ඔවුන් ඈදිගත් ස්ථානයේම ඈදිගෙන සිටිය යුතු බවයි.

මේ තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැඩි විරෝධයක් දක්වා ඇති අතර ඇතැම් මාධ්‍යවේදීන් ඇඩ්ෆැක්ටර් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ආයතනයේ නියෝජිතයන්ට බැණවැදී ඇති බවයි.

කෙසේවුවද, අදාළ ආරාධිත මාධ්‍ය ආයතන බොහොමයකටම COD නමින් දැන්වීම් ලබාදී ඇති බැවින් ඔවුන්ට අදාළ මාධ්‍ය හමුව වර්ජනය කිරීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවද මේ අතර වාර්තා වේ.
City of Dreams Sri Lanka මාධ්‍ය ආරාධනය සමඟ ඔවුන් විසින් පණවා තිබූ කොන්දේසි කිපයක් පහත දැක්වේ.

“පහත සඳහන් ප්‍රධාන උපදෙස් සටහන් කර ගන්න.

• මාධ්‍ය ලියාපදිංචිය පෙ.ව. 9 ට ආරම්භ වන අතර සියලුම මාධ්‍ය නිලධාරීන් නියමිත වේලාවට පැමිණ සිටිය යුතුය.
• සියලුම මාධ්‍ය නිලධාරීන් අනිවාර්යෙන් වලංගු මාධ්‍ය හැඳුනුම්පතක් රැගෙන ආ යුතුය.
• සෑම මාධ්‍ය ආයතනයකින්ම/වේදිකාවකින්ම එක් පුද්ගලයෙකුට පමණක් අවසර දෙනු ලැබේ.
• මාධ්‍ය හමුවෙන් පසු සිහින නගරයේ විශේෂ සංචාරයක් සංවිධානය කර ඇත. සියලුම මාධ්‍ය නිලධාරීන්ට සහභාගී වීමට ආරාධනා කෙරේ. කෙසේ වෙතත්, ක්‍රීඩා ප්‍රදේශ තුළ ඡායාරූපකරණය හෝ වීඩියෝකරණය සඳහා අවසර දෙනු නොලැබේ.
Quizine හි නමවැනි මහලේ සංචාරයෙන් පසු දිවා ආහාරය සඳහා අප හා එක්වන ලෙස අපි සියලුම මාධ්‍යවේදීන්ට ආරාධනා කරමු.

ඉංග්‍රීසි භාෂාවෙන් සකස්කර මාධ්‍ය ආයතන වෙත යොමුකර තිබූ සම්පූර්ණ ආරාධනා පත්‍රය හා ප්‍රශ්න ඇසීමේ QR ඛේතය පහත දැක්වේ.

Dear ————-,

We are pleased to invite you to the official Grand Opening Press Conference of City of Dreams Sri Lanka, Colombo’s newest and most iconic integrated lifestyle destination.

Date: Saturday, 2nd August 2025
Time: 10:00 AM onwards
Venue: City of Dreams, Port City Colombo
Dress Code: Formal

Please note the following key instructions.

• Media Registration commences at 9am and we require all media personnel to be present on time.
• All media personnel must carry a valid media ID.
• Only one person will be permitted from each media institution/platform.
• A special tour of the City of Dreams has been arranged after the press conference. All media personnel are invited to attend. However, no photography or videography will be permitted inside the gaming areas.
• We invite all media to join us for lunch after the tour at Quizine, on Level 9.

Also attached to this email is a QR code that can be scanned and filled out, if you have any questions for either Mr.Krishan Balendra, Chairperson-CEO of John Keells Holdings PLC or Mr.Lawrence Ho, CEO of Melco PBL Entertainment (Macau) Limited. This would need to be submitted on or before 6pm on 29th July 2025. Please note that there will be no Q&A session during the press conference and we encourage all media to send in their questions beforehand.

Please RSVP via email with the name of attendee and contact number on or before 6pm on Monday 29th July 2025.

We look forward to welcoming you to this historic occasion.

ෆීනික්ස් කුරුල්ලා ෆීලික්ස් සමුගනී

ලෝක ප්‍රකට ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් කෙනෙකු වන ෆීලික්ස් බෝම්ගාට්නර් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇඩ්‍රියාටික් වෙරළ තීරයේ පැරග්ලයිඩින් කරමින් සිටියදී හෝටල් තටාකයකට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ෆීලික්ස්ට ජීවිතය අහිමි විය.

නිර්භීත ගුවන් දස්කම් වෙනුවෙන් 2013 වසරේ දී නැෂනල් ජියෝග්‍රැෆික් හි ජනතා තේරීම් වික්‍රමාන්විතයා ලෙස නම් ලද ෆීලික්ස් මිය යන විට 56 වැනි වියෙහි පසුවිය.

Add to cart