2025 වැටුප් වැඩිවීම විශ්‍රාමිකයන් අතර දැඩි විෂමතාවක් ඇති කරයි: විශ්‍රාමිකයන්ගේ එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්

2025 වසරේ රාජ්‍ය සේවයේ මූලික වැටුප් 70% – 80% කින් ඉහළ දැමීම හේතුවෙන්, 2024 දෙසැම්බර් 31 දිනට විශ්‍රාම ගිය පුද්ගලයෙකුට සහ 2025 ජනවාරි 01 දිනට විශ්‍රාම ගිය පුද්ගලයෙකුට ලැබෙන විශ්‍රාම වැටුප් අතර දැවැන්ත පරතරයක් නිර්මාණය වී ඇති බව විශ්‍රාමිකයන්ගේ එකමුතුවේ මාලික විමලසූරිය පෙන්වා දෙයි. මෙය දිනක පරතරය හේතුවෙන් පමණක් ඇතිවන අසාධාරණ විෂමතාවක් බවට ඔහු චෝදනා කරයි.

ඔහු අවධාරණය කරන්නේ, විශ්‍රාම වැටුපේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය සේවයෙන් පසු ආදායම් සුරක්ෂිතභාවය සහ ගෞරවය තහවුරු කිරීම බවයි. විශ්‍රාම වැටුප යනු අවසාන වරට ලැබූ මූලික වැටුපේ ප්‍රතිශතයක් ලෙස ගණනය කරන බැවින්, නව වැටුප් වැඩිවීමත් සමඟ 2025 ජනවාරි 1 න් පසු විශ්‍රාම යන අයට සැලකිය යුතු ලෙස වැඩි විශ්‍රාම වැටුපක් හිමිවන බව ඔහු පෙන්වා දෙයි.

මෙය විෂමතාවක්ද?

විශ්‍රාමිකයන්ගේ එකමුතුව පවසන්නේ මෙය පැහැදිලිවම විෂමතාවක් බවත්, එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය මගින් සහතික කර ඇති සමානත්වයේ මූලධර්මයට පටහැනි බවත්ය.

  1. සමානතාවය (Equality): වත්මන් තත්ත්වය හේතුවෙන් කුසලතාව, රාජකාරිය, දායකත්වය සහ හිමිකම් අතින් සමාන විශ්‍රාමිකයින්ගේ පන්ති දෙකක් නිර්මාණය වී ඇත. සේවාව එක හා සමාන වන විට විශේෂිත හේතුවක් නොමැතිව විශ්‍රාම වැටුප වෙනස් වීම සමානත්වයට පටහැනියි.

  2. ගෞරවය (Dignity) සහ සමාජ යුක්තිය: 2025ට පෙර විශ්‍රාම ගිය පුද්ගලයින් ද එකම රටට සහ රාජ්‍යයට සේවය කළ බැවින්, විශ්‍රාම වැටුප පහළ වීම ඔවුන්ගේ ගෞරවයට හා ආර්ථික ආරක්ෂාවට හානියක් වන බව විමලසූරිය මහතා පෙන්වා දෙයි. එමගින් විශ්‍රාම වැටුපේ මූලික අරමුණට වත්මන් තත්ත්වය පටහැනි වන බව ද ඔහු සඳහන් කරයි.

  3. නීතිය: එකම තත්වයේ සිටින පුද්ගලයන්ට, විශේෂයෙන් විශ්‍රාමිකයන් වැනි සමාජ ආරක්ෂිත කාණ්ඩවලට, විශේෂිත හා යුක්තිසහගත හේතුවක් නොමැතිව විෂම ලෙස සැලකීමට සමානාත්මතාවය පිළිගන්නා ආණ්ඩුවකට නොහැකි බව විශ්‍රාමිකයන්ගේ එකමුතුව අවධාරණය කරයි.

  4. ඉන්දියාවේ නීතිමය පූර්වාදර්ශය — D.S. Nakara v. Union of India (1983): ඉන්දියාවේ D.S. Nakara එදිරිව ඉන්දීය සංගමය (1983) නඩු තීන්දුව උදාහරණයක් ලෙස දක්වමින්, විශ්‍රාමිකයන් සමාන හැසිරීම් පෙන්වන එකම කුලකයකට අයත් වන බවත්, අරමුණට කිසිදු සම්බන්ධයක් නොමැති වර්ගීකරණයක් හඳුන්වා දීම සමානාත්මතාවය උල්ලංඝනය කිරීමක් බවත් විමලසූරිය මහතා පෙන්වා දෙයි. එම තීන්දුව මගින් “විශ්‍රාම වැටුප යනු අනුග්‍රහයක් නොව, අයිතියක්” ලෙස ද තහවුරු කර ඇත.

මෙම අසාධාරණය නිවැරදි කර, සියලු විශ්‍රාමිකයන්ට සාධාරණ සහ ගෞරවාන්විත විශ්‍රාම වැටුපක් හිමි විය යුතු බව විශ්‍රාමිකයන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලා සිටියි.

මාලිමා මන්ත්‍රී පොලිස් නිලධාරියෙකුට තර්ජනය කිරීමේ සිදුවීම ගැන විමර්ශනයක් කරනවා.

පාලක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු පොලිස් නිලධාරියෙකුට තර්ජනය කිරීම සම්බන්ධ පුවත අපි මින් පෙර ඔබ වෙත ගෙන ආවෙමු. එම පුවත පහතින්..

එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු වන සංජීව රණසිංහ, වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකුට ඔහු නීති විරෝධී මත්පැන් වෙළෙන්දෙකුට එරෙහිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් බැණ වැදී තර්ජනය කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය පිළිබඳ විස්තර:

වාර්තා වලට අනුව, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංජීව රණසිංහ නීති විරෝධී මත්පැන් ජාවාරමක සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකුට වාචිකව අපහාස කර ඇත. මෙම සිද්ධියෙන් පසු, අදාළ සැරයන්වරයා වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා (OIC) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ලට අනුව, මන්ත්‍රීවරයා සැරයන්වරයාට වවුනියාවට මාරු කරන බවට තර්ජනය කර ඇත. මෙම තර්ජනය ජංගම දුරකථනයෙන් සිදුකර ඇති අතර, සැරයන්වරයාගේ දුරකථන අංකය OIC ගෙන් ලබාගෙන ඇති බවට වාර්තා වේ. මන්ත්‍රීවරයා OIC අමතා “අජිත්” නම් පොලිස් නිලධාරියෙකු පිළිබඳ විස්තර, ඔහුගේ පදිංචිය ඇතුළුව විමසා ඇති අතර, ඔහු පුද්ගලයන්ට එරෙහිව බොරු නඩු පවරන බවට චෝදනා කර තිබේ.

සැරයන්වරයා OIC ට පවසා ඇත්තේ මන්ත්‍රීවරයා රළු වචන භාවිත කර තමන්ට දරුණු ලෙස තරවටු කළ බවත්, මාරු කිරීමේ තර්ජනය නැවත අවධාරණය කළ බවත්ය. මන්ත්‍රීවරයා සහ OIC අතර සංවාදය මෙන්ම සැරයන්වරයාගේ චෝදනා ද පොලිස් තොරතුරු පොතේ OIC විසින් සටහන් කර ඇති බව වාර්තා වේ.

කැබිනට් ප්‍රකාශකගේ ප්‍රකාශය සහ පරීක්ෂණ:

සතිපතා කැබිනට් මාධ්‍ය හමුවේදී සිද්ධිය සම්බන්ධයෙන් විමසූ විට, අමාත්‍ය ජයතිස්ස පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තහවුරු කළ අතර, “සත්‍යය ඉක්මනින්ම හෙළි වනු ඇත” යනුවෙන් ප්‍රකාශ කළේය.

මේ අතර, පොලීසිය පවසා ඇත්තේ වැලිපැන්න OIC ගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත්, සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) විසින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවත්ය.

දේශපාලන බලපෑම් සහ පොලිස් සේවයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු:

මෙම සිද්ධියෙන් පෙනී යන්නේ, අතීතයේ පැවති දේශපාලන බලපෑම්වලට යටත් වූ පොලිස් සේවය වෙනස් කිරීමට වත්මන් රජය උත්සාහ කළද, දේශපාලන බලවතුන් විසින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බලපෑම් කිරීමේ ප්‍රවණතාව තවමත් පවතින බවයි.

පොලිස් සේවයේ ස්වාධීනත්වය සහ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. මෙවැනි සිදුවීම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජන විශ්වාසය පළුදු කළ හැකි අතර, අනාගතයේදී නිලධාරීන්ගේ රාජකාරී කටයුතු නිසි පරිදි ඉටු කිරීමට බාධාවක් විය හැකිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වේ.

උපුල්දෙණිය ඉවත් කරන්න යන්නේ “රජයේ පදයට නටන” නිලධාරියෙකු එම තනතුරට පත්කර ගැනීමේ අරමුණින්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය එම ධූරයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ “රජයේ පදයට නටන” නිලධාරියෙකු එම තනතුරට පත්කර ගැනීමේ අරමුණින් බවයි.

ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කරන්නේ, උපුල්දෙණිය මහතාට සෘජුව සම්බන්ධ නැති කාරණාවක් හේතුවෙන් අත්අඩංගුවට පත්වීමට සිදුව ඇති බව ය. ඔහු දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි කටයුතු නොකරන, සෘජු හා ස්වාධීන නිලධාරියෙක් බවත් ගම්මන්පිල කියයි. මෙම අදහස් ඔහු අද (ජූනි 11) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති සමාව සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න

ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාපටිපාටිය අනුව, සමාව ලබාදුන් ලේඛනයකට පසුව නමක් එක් කිරීමට බලය ඇත්තේ පුද්ගලයන් හතර දෙනෙකුට පමණක් බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. ඔවුන් වන්නේ:

  • ජනාධිපති ලේකම්
  • අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්
  • බන්ධනාගාර කොමසාරිස් ජනරාල්
  • අදාළ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා අත්අඩංගුවට ගනු ලබන්නේ වැරැද්ද සිදුකළ පුද්ගලයා ලෙස නම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නේ වගවීමේ මූලධර්මය යටතේ නම්, ඔහුට ඉහළින් සිටින ජනාධිපති ලේකම් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ද අත්අඩංගුවට ගත යුතු බව හිටපු මන්ත්‍රීවරයාගේ මතයයි.

අනිවාර්ය නිවාඩු යැවීම සහ කැබිනට් තීරණ

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් තිබුණද, විධායකය විසින් ගන්නා තීරණ අත්තනෝමතික නොවීම, සාධාරණ සහ තාර්කික විය යුතු බව “රෝයල් පාක්” සිදුවීම සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් වන බව ගම්මන්පිල සිහිපත් කරයි.

එබැවින්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අත්තනෝමතික නොවීම, සාධාරණ සහ තාර්කික වීමට නම්, විමර්ශනයක් සිදුකර වාර්තාවක් කැඳවා තීරණයක් ගත යුතු බවත්, මෙහිදී එවැන්නක් සිදුව නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් අවධාරණය කරයි.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කුමක් ද? ඇයි ද? කා සඳහා ද?

පසුගිය මැයි 27වන දින ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීම නියමිත ‘ජාතික මාධ්ය ප්රතිපත්තිය’ පිළිබඳ සාකච්ඡාවක් ජනමාධ්ය අමාත්යාංශය විසින් කැඳවා තිබුණි. එහි දී එම ලියවිල්ලේ සිංහල සහ ඉංග්රිසි භාෂා පිටපත් සහභාගිවූවන්ට ලබා දෙන ලදී. එහි දෙමළ භාෂා පිටපතක් තවම නැත.
ආණ්ඩුවක් කවර හෝ පනතක් ගෙන එන්නේ එහි සමස්ත දැක්ම සහ ගමන් මාර්ගය අනුවය. ‘ජාතික මාධ්ය ප්රතිපත්තිය’ නම් කෙටුම්පත මුලින්ම ගෙන ආවේ ජනාධිපති රනිල් වික්රමසිංහ කාලයේය. රාජපක්ෂවරුන් ඔහු ජනාධිපති පුටුවේ වාඩි කළ විගස වික්රමසිංහ මෙරට ජනයාගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය යකඩ සපත්තුවෙන් පගා දැමූවේය . ඉන් පසු ‘මාර්ගගත ආරක්ෂණ පනත’ ගෙන ආවේය. එම කාලයේ ‘විකාශණ අධිකාරී පනත’ නම් කෙටුම්පතක් ද ඔහු ගෙන ආවේය. මෙම පනත් දෙකම ගොන ආවේ මෙරට මාධ්ය පාලනය කිරීම පිණිසය.
එවැනි පාලකයකු විසින් ‘ජාතික මාධ්ය ප්රතිපත්තිය’ හඳුන්වා දීමට උත්සාහ කරන විට එයි යටි පෙළ තේරුම් ගැනීමට රොකට් විද්යාව හදාරා තිබිය යුතු නැත.

ජාජබ මාධ්ය ප්රතිපත්තියට ප්රජාතන්ත්රවාදී පිවිසුමක් නැහැ

එකී ‘ජාතික මාධ්ය ප්රතිපත්තිය’ දැන් ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් ද ඉදිරියට ගෙනවිත් තිබේ. මෙවැනි පනතක අවශ්යතාව ජජාබ මැතිවරණ පොරොන්දු අතර නැත. ජාජබ මැතිවරණ පොරොන්දු පෙන්වන්නේ රාජ්ය විසින් ජනමාධ්ය නියාමනය කිරීමේ සහ සිය දේශපාලන මතවාදය ජනමාධ්ය මත පැටවීමේ දැක්මකි. ප්රජාතන්ත්රවාදයේ හතරවැනි කුලුන ලෙස ජනමාධ්ය දරණ භූමිකාව එහි කිසිම අයුරකින් සඳහන් වන්නේ නැත. තවද ජාජබ මැතිවරණ පොරොන්දුවලට අනුව රජය විසින් මාධ්ය ආචාර ධර්ම මාලාවක් පිහිටුවීමටද එය සැලසුම් කරයි. එය ද විකෘතියකි.
මෙරට මහජනයාගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම පිණිස ජනමාධ්ය සම්බන්ධයෙන් ගත යුතු හදිසි පියවර තිබිය දී ආණ්ඩුවට මෙම පනත හදිසියක් වීම තේරුම් ගැනීම දුෂ්කරය.
පෙනෙන විධියට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනෙහි කොළඹ කාර්යාලය මෙම වෑයමට සම්බන්ධය ඇමතිවරයා කියන්නේ ජූනි මාසය අවසන්වීමට පෙර මෙම ප්රතිපත්තිය සකස් කිරීම අවසන් කළ යුතු බවයි.
මාධ්ය නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ආයතනය යුනෙස්කෝවයි. යුනෙස්කෝ මාධ්ය මූලධර්ම සමඟ මෙම ජාතික මාධ්ය ප්රතිපත්තිය පෑහෙන්නේ නැත.
ලෝකයේ රටවල් කිහිපයක ජාතික මාධ්ය ප්රතිපත්තිය හා සමාන පනත් පවතී. ඒ ප්රධාන වශයෙන් රජයෙන් ආධාර ලබන ස්වාධීන මහජන සේවා ජන මාධ්ය පවත්වා ගැනීමට සහ ජනමාධ්ය හිමිකාරත්වයෙහි පාරදෘශ්ය බව මෙන්ම හරස් මාධ්ය හිමිකාරිත්වය සීමා කිරීමටය. හරස් මාධ්ය හිමිකාරිත්වය යනු විද්යුත් සහ මුද්රිත මාධ්ය හිමිකාරිත්වයයි. බොහෝ රටවල ඊට ඉඩ නැත.
එනමුත් ජාජබ ආණ්ඩුව ඉදිරියට ගෙන එන රනිල් වික්රමසිංහගේ ජාතික මාධ්ය ප්රතිපත්තියෙහි රජය සතු මාධ්ය ස්වාධීන මහජන සේවා මාධ්ය බවට පත් කිරීමට ප්රතිපාදන නැත. මෙයට පෙර පැවති ආණ්ඩු මෙන්ම ජාජබ ආණ්ඩුව කල්පනා කරන්නේ ද ආණ්ඩුවේ කටයුතු ප්රචාරය කිරීමට එම මාධ්ය යොදා ගත යුතු බවයි.

1972 වනතුරු රජයට මුද්රිත මාධ්ය තිබුණේ නැත

1972 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ලේක්හවුස් සහ ටයිම්ස් මාධ්ය ආයතන දෙක රජයට ගන්නා තුරු මෙරට ආණ්ඩුවට අයත් මුද්රිත මාධ්ය තිබුණේ නැත.
අද ඉන්දියාවෙහි පකිස්ථානයෙහි හෝ රජය සතු මුද්රිත මාධ්ය නැත. දකුණූ ආසියාවෙහි ජාතික මාධ්ය ප්රතිපත්තිය හා සමාන පනතක් ඇත්තේ නේපාලයෙහි පමණය. එය පිහිටුවන ලද්දේ එරට සිදු වූ සමාජ විප්ලවයෙන් පසු රාජ්ය විද්යුත් මාධ්ය මහජන සේවා ජනමාධ්ය බවට පත් කිරීම ඇතුළු තවත් ප්රතිසංස්කරණ සඳහාය. අද වන විට එය අඩපණ වී ඇති අතර මාධ්ය මර්දනයේ මෙවලමක් බවට පත්ව ඇත.
මෙරට මාධ්ය ප්රතිසංස්කරණය සඳහා ප්රයත්නයක් දරන ලද්දේ 1994 බලයට පත් වූ කුමාරතුංග ආණ්ඩුව යටතේ පමණය. ඊට හේතු වූයේ විකල්ප ජනමාධ්ය සතුව තිබූ බලපෑම සහ ඒවායේ දැක්මය. ආණ්ඩුව පිහිට වූ වහාම ජනමාධ්ය ඇමැති ධර්මසිරි සේනානායක යටතේ ජනමාධ්ය ප්රතිසංස්කරණ සඳහා කැබිනට් පත්රිකාවක් මගින් කමිටු 4ක් පිහිටුවන ලදී. ඒ අතර කැපී පෙනුනේ මාධ්ය නීති ප්රතිසංස්කරණය කිරීම සඳහා පිහිටවූ කමිටුවයි.

ආර්.කේ.ඩබ්. ගුණසේකර වාර්තාව

එම කමිටුවෙහි සභාපතිත්වය දරන ලද්දේ විශිෂ්ට මානව හිමිකම් නීතිවේදියකු වූ ආර්.කේ.ඩබ්. ගුණසේකරය. ජයම්පතී වික්රමරත්න, රොහාන් එදිරිසිංහ, සූරියා වික්රමසිංහ, ශිරානි බණ්ඩාරනායක, ජාවිඩ් යූසුෆ්, වික්ටර් ගුණවර්ධන වැනි නීති ක්ෂේත්රයේ ප්රවීණයෝ එහි සාමාජික සාමාජිකාවෝ වූහ. එවැනි ප්රශස්ත කණ්ඩායමක් ගැන අද සිතීමට නොහැකි තරම්ය.
දෙවසරක හැදෑරීම් සහ සාකච්ඡා වලින් පසු එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අද දක්වාම මෙරට ජනමාධ්ය නීති ප්රතිසංස්කරණ පිළිබඳ ඇති හොඳම ලියැවිල්ල වේ. අනෙක් වැදගත් වාර්තාව නම් ලේක්හවුසියේ හිමිකාරත්වය පුළුල් කිරීම සඳහා වූ සිදත් ශ්රී නන්දලෝචන වාර්තාවයි.
ධර්මසිරි සේනානායක ජනමාධ්ය ඇමතිකමින් පන්නා මංගල සමරවීර එය ඩැහැ ගැනීමෙන් පසු එම වාර්තා වලපල්ලට යවන ලදී.
ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙරට ජනමාධ්ය ක්ෂේත්රය ප්රතිසංස්කරණය කිරීමට අවශ්ය නම් පටන් ගත යුත්තේ එතැනිනි.
හොරට නිදා සිටින පුද්ගලයා අවධි කළ නොහැකිය. එමෙන්ම සිය ප්රතිපත්ති ප්රකාශනය මගින් මෙරට ජනමාධ්ය ප්රජාතන්ත්රීය කරණය පිළිබඳ කිසිදු බැරෑරුම් වැඩ සටහනක් ඉදිරිපත් කර නැති ජාතික ජන බලවේගයට ද එම වාර්තා නොපෙනීයාම පුදුමයක් නොවේ.
මෙම ප්රතිපත්තිය මගින් ආණ්ඩුවට අවශ්ය වන්නේ ජනමාධ්ය නියාමනයට තමන් ද ඇතුළුවීමටය. මෙම ‘ජාතික මාධ්ය ප්රතිපත්තිය’ සම–නියාමනය යැයි අදහස් ඉදිරිපත් කරයි. එය රජය විසින් කරනු ලබන පාලනයකි.

ලැබැදියාවන් අතර ගැටුම

ආණ්ඩුව දුසිම් තුනක් තරම් මාධ්‍ය රොත්තක හිමිකරුය. නියාමකයෙකු සහ මාධ්‍ය හිමිකරු ලෙස රජය මාධ්‍ය නියාමනයට අත ගැසීම පැහැදිළිව ලැබැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කරයි.
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය මන්ද, දැනට ඉදිරිපත් කර ඇති කෙටුම්පත සකස් කරන ලද්දේ කවරකු විසින් කවරදාක කවර අනුග්‍රහයක් යටතේද යන්න දැන ගැනීමට මෙරට මාධ්‍ය සමාජයට පමණක් නොව මහජනයාට ද අයිතියක් තිබේ.

ගතහැකි පියවර

ආණ්ඩුවට මුලින්ම සිය අව්‍යාජ උවමනාව සහතික කර පෙන්වීම පිණිස ගත හැකි පියවර ගණනාවක් තිබේ.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය අවසන් කිරීම. නිදසුන් ලෙස දැනට පවරා ඇති ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, තරාකී නොහොත් සිවරාම් සහ කීත් නොයර් සම්බන්ධ නඩු කල් නොයවා අවසන් කිරීමට පියවර ගැනීම.

ජනතාවගේ ප්‍රකාශන නිදහස තහවුරු කිරීම. නිදසුන් ලෙස පසුගිය මාස තුන ඇතුළත විරෝධතා දැක්වීම නිසා පොලිස් අත්අඩංගුවට ගත් හෝ පොලිස් හිරිහැරයන්ට භාජනය වූ විශේෂයෙන්ම උතුරෙහි මාධ්‍යවේදීන්, හිමිකම් ක්‍රියාකාරිනියන් යනාදීන්ට යුක්තිය ඉටු කිරීම.

රාජ්‍ය සතු මාධ්‍යයන්හි ස්වාධීනත්වය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ සහ ප්‍රධාන කර්තෘ ධුර සඳහා පත් කිරීමේ දී ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන නීති සංශෝධන වහාම ගෙන ඒම.

රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය නොකරණ ආණ්ඩුවකින් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය පැතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමකි.

(මෙම ලිපිය සම්මුති විසම්මුති තීරුව යටතේ 06.06.2025 අනිද්දා පුවත්පතෙහි මුල්වරට පළ විය)

”පොදු සමාව අවභාවිතා කරාට අපි නීතිමය පියවර ගන්නවා” ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකුට නිදහස ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එහි සඳහන්වන පරිදි,
  1. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් මෙහෙයවීම, වගකිව යුතු සියලු පාර්ශවයන් හඳුනාගැනීම සහ අපරාධකරුවන්ට එරෙහිව අවශ්‍ය විනය හෝ නීතිමය පියවර ගැනීම.
  2. ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්වල විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන ලෙසයි මූලික වශයෙන් ශ්‍ නීතිඥ සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත්තේ
නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට නීතිඥ සංගමය සූදානමින් සිටින බවත් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය අඛණ්ඩතාවයෙන් හා සාධාරණත්වයෙන් ජනතාවට සේවය කරන බව සහතික කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත් තවදුරටත් එම ලිපියෙන් දැනුම් දී තිබේ. සම්පූර්ණ ලිපිය පහතින්

විදුලි ගාස්තු ඉහළ නැංවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි!

අද (ජූනි 11) මධ්‍යම රාත්‍රියේ සිට 2025 දෙසැම්බර් දක්වා මාස 7ක කාලයක් සඳහා විදුලි ගාස්තු 15%කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) තීරණය කර ඇත. මෙම තීරණය අද පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කරන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) රුපියල් බිලියන 8ක පාඩුවක් පෙන්වා මාසිකව 18%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා තිබුණි. කෙසේ වෙතත්, PUCSL විසින් මෙම ඉල්ලීම පිළිබඳව මහජන උපදේශන පැවැත්වූ අතර, එහිදී CEB හි ගණනය කිරීම් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. පසුගිය වසරේ CEB රුපියල් බිලියන 61ක ලාභයක් ලබා තිබීම මෙයට හේතු විය.

ගාස්තු වැඩිවීම සිදු වන්නේ කෙසේද?

නව ගාස්තු සංශෝධනයට අනුව, මාසිකව විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ බිල්පත 23%කින් අඩු වන අතර, ඒකක 60 දක්වා පරිභෝජනය කරන අයගේ බිල්පත 16%කින් අඩු වේ. කෙසේ වෙතත්, අනෙකුත් සියලුම කාණ්ඩ සඳහා 12%ක ගාස්තු වැඩිවීමක් සිදුවනු ඇත. මාසිකව විදුලි ඒකක 90ට අඩුවෙන් පරිභෝජනය කරන ආගමික ස්ථාන සඳහා ගාස්තු වැඩිවීමක් සිදු නොවේ.

PUCSL

PUCSL හි ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් ජයනාත් හේරත් මහතා පැවසුවේ CEB විසින් රුපියල් බිලියන 276ක සමස්ත වැඩිවීමක් ඉල්ලා සිටියද, අනුමත කරන ලද වැඩිවීම රුපියල් බිලියන 268ක් බවයි.

මෙම ගාස්තු වැඩිවීමට පෙර පැවති මහජන උපදේශන වැඩසටහන් වලදී බොහෝ පාර්ශවයන් විදුලි ගාස්තු වැඩි කිරීමට විරෝධය පළ කළ අතර, CEB හි පිරිවැය සහ ලාභාංශ ගණනය කිරීම් වල දෝෂ ඇති බවට ද චෝදනා එල්ල විය.

බණ්ඩාරවෙල නගරාධිපති සටනෙන් මාලිමාව ජයගනී. සජබය නිහඬ වෙයි!

අද (ජූනි 11) පැවති බණ්ඩාරවෙල නගර සභා ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ (NPP) සාමාජිකයෙකු වන සාගරධීර විශ්ව වික්‍රම නව නගරාධිපති ලෙස තේරී පත් විය. ඔහුට ඡන්ද 8ක් හිමි වූ අතර, එය ඡන්ද 4ක බහුතරයකි. විශ්ව වික්‍රමට NPP සාමාජිකයන්ගෙන් ඡන්ද 6ක්ද, ස්වාධීන කණ්ඩායම් 02 වෙතින් ඡන්ද 2ක්ද, ස්වාධීන කණ්ඩායම් 01 වෙතින් ඡන්ද 1ක්ද ලැබී ඇත.

නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා NPP විසින් ස්වාධීන කණ්ඩායම් 01 හි ශ්‍රීකාන්ත් නන්ද නම් කරන ලද අතර, ඔහුද නගරාධිපතිවරයාට සමාන ඡන්ද 8ක් ලබා ගනිමින් තේරී පත් විය.

කෙසේ වෙතත්, නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති යන දෙපදයටම තරඟ කළ ස්වාධීන කණ්ඩායම් 01 හි මොහොමඩ් නවුෂාඩ් මහතාට අවස්ථා දෙකේදීම ඡන්ද 4 බැගින් පමණක් ලැබී ඇති අතර, එය ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් පමණක් ලැබුණු සහයෝගය පෙන්නුම් කරයි.


SJB හි නිහඬතාවය ප්‍රශ්නාර්ථයක්!

මෙම මැතිවරණයේදී සමගි ජන බලවේගය (SJB) ඡන්ද විමසීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම දේශපාලන කවයන් තුළ කැපී පෙනෙන සාකච්ඡාවකට තුඩු දී තිබේ. SJB හි මෙම තීරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් වෙමින් පවතී. ඔවුන්ගේ මෙම නිහඬතාවය ඉදිරි දේශපාලනය සඳහා කෙසේ බලපායිද යන්න පිළිබඳව දේශපාලන විචාරකයෝ විමසිල්ලෙන් සිටිති.

“වහාම වවුනියාවට මාරු කරනවා!” – කසිප්පුකාරයා රැකගන්න ගිය ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් සැරයන්ට කෙළින්ම තර්ජන? – ‘අරුණ’ වාර්තා කරයි.!

තහනම් මත්පැන් ජාවාරම්කරුවෙකුට නඩු පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකුට තර්ජනය කර ඇති බවට ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් සැරයන්වරයා විසින් වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට වාර්තාවක් ද භාර දී තිබේ.


සිද්ධියට තුඩු දුන් කරුණු

පුවත්පතේ වාර්තාවට අනුව, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තහනම් මත්පැන් ජාවාරම්කරුවෙකුට නඩු පැවරීම සම්බන්ධයෙන් උරණ වී ඇත. ඔහු වැලිපැන්න පොලිසියේ රාජකාරී කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුට දුරකථනයෙන් අමතා පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර, ඔහුව වවුනියාවට මාරු කරන බවට තර්ජනය කර තිබේ. මෙම තර්ජනය සම්බන්ධයෙන් අදාළ සැරයන්වරයා විසින් වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට සටහනක් යොදා භාර දී ඇති බව සඳහන් වේ.


දුරකථන සංවාදය සහ අනාවරණයන්

වාර්තාවට අනුව, මන්ත්‍රීවරයා වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරී ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගෙන “කවුද ඔය? පොලිසියේ අජිත් කියන්නේ? ඔහුගේ පදිංචිය ආදී තොරතුරු ඔක්කොම. ඒ නිසා මිනිස්සුන්ට බොරුවට කසිප්පු නඩු දාලා කනටත් ගහලා, මේ සිද්ධියේ ඕඅයිසී මහත්තයා ඔයා දන්නේ නැද්ද?” යනුවෙන් විමසා තිබේ.

මෙහිදී ස්ථානාධිපතිවරයා විසින්, අජිත් නමැති නිලධාරියා මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්, ඔහු මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ඥාති සහෝදරයෙකු බවත් පවසා ඇත. අනතුරුව මන්ත්‍රීවරයා “වටගලගේද?” යනුවෙන් විමසා දුරකථනය විසන්ධි කර ඇති බව සඳහන් වේ. මද වේලාවකින් නැවත දුරකථනයට ඇමතුමක් ගෙන අජිත් නමැති පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ඇති අතර, ස්ථානාධිපතිවරයා එම අංකය කෙටි පණිවිඩයකින් යවා තිබේ. මේ සියලු තොරතුරු ස්ථානාධිපතිවරයා විසින් පොතේ සටහන් කර ඇති බව පුවත්පත වාර්තා කරයි.


දේශපාලන බලපෑම් සහ පොලිස් සේවයේ ස්වාධීනත්වය

අතීතයේ පැවති දේශපාලන බලපෑම්වලට යටත් වූ පොලිස් සේවය වෙනස් කිරීමට වත්මන් රජය උත්සාහ කරන බවක් පෙනී යයි. කෙසේ වෙතත්, තවමත් දේශපාලන බලවතුන් විසින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බලපෑම් කිරීමේ ප්‍රවණතාවය මෙවැනි සිදුවීම් මගින් පෙන්නුම් කෙරේ.

පොලිස් සේවයේ ස්වාධීනත්වය සහ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ. මෙවැනි සිදුවීම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජන විශ්වාසය පළුදු කළ හැකි අතර, අනාගතයේදී නිලධාරීන්ගේ රාජකාරී කටයුතු නිසි පරිදි ඉටු කිරීමට බාධාවක් විය හැකිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වේ.

බහාලුම් අර්බුදය – ගම්මන්පිලගෙන් රටටම බලපාන හෙළිදරව්වක්!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (ජූනි 09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණියේ, රටපුරා ආන්දෝලනයක් ඇති කළ ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල මහතා පැවසුවේ, මෙම බහාලුම් 323ට අදාළ සම්පූර්ණ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි.

“මේ සිද්ධියට අදාළ තීන්දු තීරණ ගත් නිලධාරීන් කිහිප දෙනෙක් මේ වන විටත් රටින් පිටවීමට උත්සාහ කරනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා,” ඔහු වැඩිදුරටත් කියා සිටියා. ඒ අනුව, එම නිලධාරීන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස CIDයෙන් ඉල්ලා සිටින බවත් ගම්මන්පිල මහතා අවධාරණය කළා.

“මා සතුව සත්‍ය කරුණු තියෙනවා. කිසිම වෙලාවක සාක්ෂි නැතිව මම මේ වගේ චෝදනාවක් කරන්නේ නැහැ,” ඔහු තවදුරටත් පැවසුවා. මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවටත් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, ගම්මන්පිල මහතාගේ මෙම ප්‍රකාශයන් සමඟ බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් පුළුල් තොරතුරු රැසක් අනාවරණය වීමට ඉඩ ඇති බවයි.

ජනපති විවෘත කළ ධාතු මන්දිරය බිඳී!

පසුගියදා ජනාධිපති අනුර දිසානායකගේ අතින් විවෘත කෙරුණු, ගල්කිරියාගම, පහමිණියාගම පිහිටි සිරිසදහම් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ධාතු මන්දිරය සොරුන් විසින් බිඳ දමා ඇති බව වාර්තා වේ. විචිත්‍ර ධර්ම කථීක පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනැඟුණු, පසුගියදා ජනාධිපති අනුර දිසානායක මහතාගේ සුරතින් විවෘත කෙරුණු මෙම පූජනීය ස්ථානයට එල්ල වූ මෙම පහරදීමෙන් බැතිමතුන් දැඩි කම්පනයට පත්ව සිටිති.

ලැබෙන තොරතුරු අනුව, විහාරයේ ධාතු මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති සොරුන් එහි තැන්පත් කර තිබූ වටිනා කරඬුවක් සහ මංජුසාවක බහා තිබූ කුඩා මැණික් ගල් දහනවයක් (19) සමඟ මුදල් තොගයක් ද සොරකම් කර ඇත.

මෙම අතිශය කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අපරාධකරුවන් කඩිනමින් නීතිය හමුවට පමුණුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි පූජනීය ස්ථානවලට සිදු වන මෙවැනි අපරාධ වැළැක්වීමට අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවට ජනතාව අදහස් පළ කරති.

Add to cart