කොටපොළ සමූපකාරයේ බලය සජබට!

කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ ප්‍රාදේශික නිලවරණයෙන් බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය (සජබ) ප්‍රමුඛ පොදු විපක්ෂය සමත් වී ඇත.

ප්‍රකාශිත නිල ප්‍රතිඵලවලට අනුව, සමස්ථ නියෝජිතයින් 100 දෙනා අතුරින් 65 දෙනෙකු සජබ ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් තේරී පත්වීම සුවිශේෂී ජයග්‍රහණයකි.

අනෙක් අතට, ජාතික ජන බලවේගයට (ජාජබ) හිමිව ඇත්තේ නියෝජිතයින් 25 දෙනෙකුගේ පමණ බලයකි.

මෙම නිලවරණයට, ජාතික ජන බලවේගය නියෝජනය කරන කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු එහි මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සහ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද තරග කළ නමුත්, ඔවුන් සියලු‍ දෙනාම පරාජයට පත්වීම ජාජබට එල්ල වූ දැඩි පසුබෑමක් ලෙස සැලකේ.

මෙම ප්‍රතිඵලය අනුව, කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනා ඉදිරියේදී පත් කර ගැනීම සඳහා අවස්ථාව හිමිවනු ඇත්තේ සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයටය. මෙය සමූපකාර සමිතියේ ඉදිරි පාලනය ඔවුන් වෙතට යොමු කිරීමට මඟ පාදනු ඇත.

Add to cart