ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය සඳහන් කළේ ඒ අනුව, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හා අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් වන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ය.
කෙසේ වෙතත්, ඔහු බීමත්ව සිටියා ද යන්න සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නොමැති බව ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
කෙසේවෙතත් ආණ්ඩුවේ මාධ්‍ය ජාලයක් වන ලේක්හවුස් හි ‘දිනමිණ’ වෙබ් අඩවිය මින් පැය එකහමාරකට පෙර පල කරන ලද පුවතක සඳහන් වූයේ අශෝක රන්වල බීමතින් නොසිටි බව තහවුරු වී ඇති බව ය.


