ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනී වොන්ග් අතර හමුවක් සිදුවී තිබේ.
ඒ, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු නිල සංචාරය අතරතුරදීය.
මෙම හමුවේදී ආරක්ෂක, කර්මාන්ත, සයිබර් ආරක්ෂාව, සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය අභියෝග ඇතුළුව ඉන්දියා-ඔස්ට්‍රේලියා ආරක්ෂක සහයෝගීතාවය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කර ඇත.

